Home / Featured / I.O.C තෙල් ශ්‍රි ලංගමයට එපා……, තෙල් සංස්ථාව ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න

I.O.C තෙල් ශ්‍රි ලංගමයට එපා……, තෙල් සංස්ථාව ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න

I O C බහු ජාතික ඉන්ධන සමාගමෙන් ශ‍්‍රී ලංගමයට ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාව අහෝසි කර ශ‍්‍රී ලංගමයත්, තෙල් සංස්ථාවත් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා.

අද (11) එම  සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ විසින් ජනාධිපති කාර්යාලය වෙත යොමු කරන ලද ලිපියක් මාර්ගයෙන් ඉල්ලා ඇත්තේ ශී‍්‍ර ලංගමයට අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාවෙන් ලබාගැනීමට මැදිහත් වන ලෙස ය.

2017. 10. 112017. 10. 11
ජනමාධ්‍ය නිවේදනයයි

මගේ අංකය ස/ල/ප‍්‍ර/සේ/ස 77 2017/10/11    
ගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා 
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01

I O C බහු ජාතික ඉන්ධන සමාගමෙන් ශ‍්‍රී ලංගමයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාව අහෝසි කර ශ‍්‍රී ලංගමයත්, තෙල් සංස්ථාවත් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටීම.

2003 වසරේදී ඉන්දියාවට විකුණන ලද IOC සමාගමෙන් ශ‍්‍රී ලංගමයට ඉන්ධන  ලබාගැනීම සඳහා කැබිනට පත‍්‍රීකාවක් ප‍්‍රවාහන ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බව මාධ්‍යවල වර්තා වී තිබුණි. එම මාධ්‍ය වාර්ථාව ඔබතුමාගේ අවදානය සඳහා මේ සමග අමුණා ඇත.

1978 දී ශ‍්‍රී ලංගමය විනාශ කිරීම සඳහා පුද්ගලික බස්රථ ව්‍යාපාරිකයින්ට මගී ප‍්‍රවාහනය කිරීම සඳහා අයිතිය ලබාදුන්නා සේම 2003 වසරේදී තෙල් සංස්ථාව විනාශ කිරීම සඳහා තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 100ක් ෂධක්‍ බහු ජාතික සමාගමට විකුණන ලදි. එම ඉන්දන පිරවුම් හල් 100 ප‍්‍රමාණය මෙවන විට නොයෙකුත් කූට උපක‍්‍රම යොදා 130 දක්වා වර්ධනය කරගෙන ඇත. එම ක‍්‍රීයාවලිය නිවැරදි කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුවටවත්, ඔබතුමා ප‍්‍රමුඛ වර්ථමාන ආණ්ඩුවටවත් බැරිවිය. මෙවැනි තත්වයක් තුල ශී‍්‍ර ලංගමයට බහුජාතික I O C සමාගමෙන් ඉන්ධන ලබාගනීම සිදුකරන ලදහොත් එම සමාගම ශක්තිමත්වනු ඇත.

දැනට තෙල් සංස්ථාව සතුව ඉන්ධන පිරවුම් හල් 1200 ක ප‍්‍රමාණයක් ඇති අතර එම ප‍්‍රමාණය මෙම ක‍්‍රියාවලිය නිසා අනිවාරයෙන් විනාශ වේ. 2016, 2017, යන වසරවල අය-වැය යෝජනාවලට සෑම දිස්ත‍්‍රක්කයකින්ම එක් ඩිපෝවක් තෝරා ගෙන ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කරන ලෙස අප සංගමය යෝජනා කරන ලදි. ශ‍්‍රී ලංගම බස් රථ වලටත් බාහිර වාහන වලටත් ඉන්ධන අලවි කිරීම තුලින් විශාල ආදායමක් ශී‍්‍ර ලංගමයට උපයා ගැනීමට එ් තුලින් අවස්ථාව උදාවේ. නමුත් එම යෝජනාවට මෙතෙක් කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැත. එම යෝජනාව ඉටු කිරීමට ඔබ තුමා ප‍්‍රමුඛ ආණ්ඩුව විධිමත්ව මැදිහත්වීම සිදු කලානම් ශී‍්‍ර ලංගමයට බහුජාතික I O C සමාගමින් ඉන්ධන ලබා ගැනීමට කැබිනට් පත‍්‍රීකාවක්  ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

ගරු ජනාධිපති තුමනි බහුජාතික I O C සමාගමින් ශ‍්‍රී ලංගමයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාව කඩිනමින් අහෝසි කරන ලෙසත් ශී‍්‍ර ලංගමයට අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාවෙන් ලබාගැනීමට මැදිහත් වන ලෙසත් ඒ තුලින්  ශ‍්‍රී ලංගමයත්, තෙල් සංස්ථාවත් ආරකෂා කර දෙන ලෙසත් වගකීමකින් යුතුව අප සංගමය ඔබ  තුමාගෙන්  ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු. ස්තුතියි.

සේපාල ලියනගේ 
ප‍්‍රධාන ලේකම්
සමස්ථ ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *