Home / Featured / හොයලා බලලා පිටරටින් ගෙනල්ලා Top කියලනේ පත් කළේ, තාම දෙකයිනේ…..

හොයලා බලලා පිටරටින් ගෙනල්ලා Top කියලනේ පත් කළේ, තාම දෙකයිනේ…..

ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අදහස් පළ කරනු ලැබූවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රශ්නය; ආණ්ඩුවට සම්බන්ධ ගෑස් සමාගමක අධ්‍යක්ෂකවරයෙක් අත්තඩංගුවට ගත්තා මුදල් වංචාවක් සම්බන්ධයෙන්,

පිළිතුර; “එයා සම්බන්ධ එකක් නෙමෙයිනේ එයාගේ එකවුන්ට් එකට ආපු මුදල්නේ එයා ගන්නේ. ඔහුට කිව්වාද දන්නේ නෑ මිත්‍රයෙක් මගේ එකවුන්ට් එකේ ප්‍රශ්නයක් තියනවා ඔයාගේ එකවුන්ට් එකට මේ සල්ලි ටික දාන්න පුළුවන්ද කියලා එ සඳහා මෙයාගේ එකවුන්ට් එක පාවිච්චි වුනාද දන්නේත් නෑ. මෙයා සම්බන්ධ වුනාද දන්නේත් නෑ. මොකද මෙයාව අත්තඩංගුවට ගත්තම අහන්න විදියක් නෑනේ.”

ප්‍රශ්නය; එතකොට ඔබතුමාට තියන වාර්තා අනුව සම්බන්ධයක් නෑ කියලා වගේද තියෙන්නේ?

පිළිතුර; ” නෑ මාම් දන්නේ නෑ”

ප්‍රශ්නය; මහ බැංකුවටත් පත් කළා. කවුද මේ පත් කිරීම් කරන්නේ? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවවටයි මේ චෝදනා එල්ල වෙන්නේ?

පිළිතුර; “හොයලා බලලා ඉතින් පිටරටින් ගෙනල්ලා ටොප් කියලනේ පත් කළේ.”

ප්‍රශ්නය; දැන් එකක් නෙමෙයි නේ කිහිපයක්නේ?

පිළිතුර; “තාම දෙකයිනේ”

ප්‍රශ්නය; ඒ දෙක කමක් නැද්ද?

පිලිතුර; “කමක් නැත්තේ නෑ, ප්‍රශ්නයක් තමයි.

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *