අපිට උණේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන්න, අපිට කැපුවොත් අපිත් කපනවා, මේ ආණ්ඩුවේ ලොක්කෝ පවුල් රකින හැටි ලඟදීම එළියට

1

බැඳුම්කර නිකුතුව පිළිබඳව සෙවීම සඳහා පත් ජනාධිපති කොමිසම උපයෝගි කරගෙන එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමේ කූටඋපක්‍රමයක් ක්‍රියාත්මක වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසනවා.

බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

“ඔය බැඳුම්කරය කියන කාරණය සත්තකින්ම භාවිතා කරන්නේ මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා තියනවා නම් එය හොයන්න නෙමෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා අපේ නායකයා නීතිපතිවරයාට උපදෙස් දීලා තියෙන්නේ වංචාවක් සිදු වෙලා තියනවා නම් ඒ වංචාව සිදු කළ ආයතනයෙන් මුදල් අය කර ගන්න කියලා. අද ඒ සියල්ල පස්සට දාලා අපේ පක්ෂය නැති කරන දඩබිමක් බවට ත් කරගෙන තියෙන්නේ මේ බැඳුම්කර කොමිසම. අපිට කපනවා නම් අපිට පහර දෙනවා නම් අපිත් පෙරලා පහර දිය යුතුයි කියන මතයේ පසුපෙළ මන්ත්‍රිවරයෙක් විදියට මම ඉන්නවා.”

“අපිට සිද්ධ වුණේ හරියට අහක් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන එක තමයි. ඒනිසා පසුපෙළේ අපේ මන්ත්‍රිවරුන් සියල්ලම සූදානම් වෙලා ඉන්නවා ඉදිරියේදි ස්වාධින වෙලා එක්සත් ජාතික පක්ෂය රැකගෙන යහපාල්න ආණ්ඩුව රැකගෙන මේ රටට අවශ්‍ය වැඩ පිළිවෙළ හදලා දෙනවා,”

“මේ ආණ්ඩුව තුළ ඉන්න ප්‍රබලම නායකයන් කරන හොරකම් නම් එක්ක. පක්ෂ එක්ක, පුද්ගලයන් එක්ක අපි කියන්න සූදානම්. මේ ආණ්ඩුව තියාගෙන තමන්ගේ පවුල පෝෂණය කරගෙන තමන්ගේ අයියලා  මල්ලිලා කරන දේවල්. තමන් කරන දේවල් සහ තමන්ගේ දරුවෝ කරන දේවල් හෙලි කරන්න අපි සූදානම්.” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

1 COMMENT

  1. අන්න හරි. හොරැ අල්ලන්න අැත්ත කතා කරපල්ලා.

Comments are closed.