Home / දවසේ පුවත / ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කොට ඇති පොදු පැමිණිලි විභාග කිරීම් සම්බන්ධයෙන් රීති හා ක්‍රියාපටිපාටිය, 2017- The Rules and Procedure (Public Complains Investigations, 2017)- පිළිබඳ කරුණු දැක්වීමක්

ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කොට ඇති පොදු පැමිණිලි විභාග කිරීම් සම්බන්ධයෙන් රීති හා ක්‍රියාපටිපාටිය, 2017- The Rules and Procedure (Public Complains Investigations, 2017)- පිළිබඳ කරුණු දැක්වීමක්

ඉහතකී කෙටුම්පත සම්බන්ධයෙන් සිදුකරණු ලබන කරුනු දැක්වීමකි. ඉහත සඳහන් කෙටුම්පතේ රීතීන්ට අනුව ඕනෑම අගතියටපත් පුද්ගලයෙකුට හෝ එම පුද්ගලයෙකු විසින් බලය පැවරූ තැනැත්තෙකුට පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් සේවය විසින් ඔවුන්ගේ නිල කටයුතු වලදී සිදුවු කිරaනියාවක් සම්බන්ධයෙන් පොදු පැමිණිලි පරීක්ෂේණ අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඒ සහා සහන ඉල්ලා සිටිය හැකිය. මෙම අංශය පී සී අයි ඞී යනු වෙන් කෙටියෙන් හදුන්වනුු ලබයි.

1. අපරාධ පිළිබඳව හා අපරාධ නොවන වැරදි පිළිබඳ පරීක්ෂණ වෙන් වෙන්ව නොසැළකීම මගින් පොලිස් නිලධාරීන් විසින් කරණු ලබන අපරාධ වෙනත් රටවැසියන් විසින් කරන අපරාධ වලට වඩා අඩු මට්ටමකින් සැළකීම

ඉහත සඳහන් කෙටුම්පත පරීක්ෂාන කිරීමේ දී ඒ සම්බන්ධයෙන් ඉතා ගැටලූ සහගත තත්ත්වයන් ගණනාවක් පවතින බව පෙනීයයි. මෙම ගැටලූ පහත ස`දහන් ආකාරයෙන් දළ වශයෙන් සඳහන් කල හැකිය.

1. පොලිස් නිලධාරින්ට විරුද්ධව ලැබෙන පැමිණිලි විවිධාකාර විය හැකිය. එම පැමිණිලිවලින් සමහරක් ලංකාවේ දැනට පවතින දණ්ඩ නීතියට අනුව අපරාධ යන ගණයට වැටේ. උදාහරණ වශයෙන් යම් තැනැත්තෙකුට වදහිංසා කිරීම 1994 අංක 22 දරන පනත යටතේ අපරාධයක් වශයෙන් නිර්වචනය කොට ඇත. එමෙන්ම පොලිස් ස්ථානයකදී සිදුවිය හැකි මිනිස් ඝාතන ද ලංකාවේ දණ්ඩ නීතිය යටතේ බරපතල අපරාධ ගණයට වැටේ. පොලිසිය විසින් පගා ගැනීම් හෝ වෙනත් ආකාරයක දූෂණ ලංකාවේ වංචාව හා දූෂණය යන ගණයට අයිතිවන අපරාධයන්ය. පොලිස් ස්ථානයක් තුළදී කාන්තාවක් සම්බන්ධයෙන් හෝ වෙනත් අයෙකු සම්බන්ධයෙන් ලිංගිකව කරන වැරදි ද ලංකාවේ නීතිය යටතේ අපරාධ වශයෙන් සළකණු ලබයි. මෙම අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂවණ පැවැත්වීම ලංකාවේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ සඳහන් නීතියට අනුකූලව සිදුකල යුතු වේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් මතුවන පලමුවන ගැටලූව නම් යෝජිත පීසීඅයිඞී ඒකකයට ඉහත සඳහන් අපරාධ නඩු විධිවිධාන සංගරඅපරහයේ විධිවිධාන නොතකා හෝ ඒවාට පඨහැනිව සිය පරීක්ෂරණ කල හැකිද යන්නය. මෙය බරපතල ගැටලූවකි. මන්ද යත් අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ අපරාධ නඩු විධිවිධාන සංගරලිධහයට පිටින් කටයුතු කිරීමට පීසීඅයිඞී ඒකකයට හැකි නම් එයින් සිදුවිය හැකි බරපතල අගතිය වන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන අපරාධ ලංකාවේ වෙනත් රටවැසියන් විසින් කරණු ලබන අපරාධ වලට වෙනස් ආකාරයකින් සලකා කටයුතු කිරීමේ හැකියාවක් නිර්මාණය වීමය. උදාහරණ වශයෙන් වදහිංසාවක් ලිංගික අපරාධයක් ඝාතනයක් හෝ වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් පීසීඅයිඞී ආයතනයට හුදෙක් සමථ මණ්ඩලයක ආකාරයට කරිු යාකරමින් එම අපරාධ පිළිබඳව පරීක්ෂරණ පැවැත්වීම යටපත් කර දැමිය හැකිය. එමෙන්ම එම අපරාධ හුදු සිවිල් ප්‍රශ්ණයන් සේ සළකා කටයුතු කිරීමට ද පීසීඅයිඞී ඒකකයට ඉඩකඩ ලැබේ. මේ මගින් රටේ නීතිය යටතේ අපරාධ යනුවෙන් සළකණු ලබන කරිය යා අපරාධ වශයෙන් නොසලකා වෙනත් ආකාරයකින් කටයුතු කිරීමේ හැකියාව නිර්මාණය වේ. අතීතයේ දී ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් විසින් සිදුකල පරීක්ෂවණ වලදීත් මෙසේ කටයුතු කොට බොහෝ අපරාධ පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත.

මෙය වළක්වාගත හැක්කේ යම් පුද්ගලයෙකු විසින් කරණු ලබන පැමිණිල්ලක් අපරාධ ගණයට වැටේනම් එය මුලින්ම අපරාධයක් සේ සළකා අපරාධ නඩු විධිවිධාන සංගරධිරහයේ පවතින නීතියට අනුව කටයුතු කිරීම සඳහා අදාල නිලධාරීන් විසින් අදාල නීතියට අනුව කටයුතු කල යුතුය. මේ අනුව පීසීීඅයිඞීය විසින් පරීක්ෂීණ පැවැත්විය යුතු වන්නේ පොලිස් නිලධාරීන් හෝ පොලීස් සේවය විසින් කරණු ලබන අපරාධ ගණනයට නොවැටෙන වැරදි සම්බන්ධයෙන් පමණක් පරීක්ෂමණ පවත්වා සහණ ලබාදීම පමණකි. ඉතා පැහැදිලිව අපරාධ ගණයට වැටෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂයණ පැවැත්වීමේ බලය පීසීඅයිඞී ආයතනයට අදාල නොවන කටයුත්තක් සේ ස`දහන් කරමින් මෙම කෙටුම් පත සංශෝදනය කල යුතු ඇත. එසේ නොකල හොත් අදාල පීසීඅයිඞී පරීක්ෂවණ අපරාධ යටපත් කිරීම ස`දහා යොදවා ගැනීම තවදුරටත් කෙරීගෙන යෑමේ අවධානම බරපතල ලෙස පවතී.

2. පැමිණිලි පිළිබඳ පරීක්ෂාණ හා එම පැමිණිලි පිළිබඳ තීන්දු එකම කණ්ඩායමක් විසින් කිරීම

වරදක් පිළිබඳව පරීක්ෂතණ පැවැත්වීම එකකි. කරණ ලද පරීක්ෂිණය මත සොයාගත් කරුණු මත අවසාන නිගමනයකට පැමිණිම වෙනත් කාර්යයකි. උදාහරණයක් වශයෙන් අපරාධ නීතිය සම්බන්ධයෙන් පරීක්ෂැණ කිරීම පොලීසියටත් ඒවා පිළිබ`දව නඩු පැවරීම නීතිපතිවරයාටත් ඒවා පිළිබඳව අවසාන නිගමනයක් කරා යෑම අධිකරණයටත් පැවරෙන වෙන වෙනම කාර්යයන් වේ. මෙසේ වෙනත් අවස්ථා වලදී වෙනස් ආකාරවලින් නිගමන වලට පැමිණිය යුතු අතර ඒ අවස්ථා අනුව එම කටයුත්තේ යෙදෙන පුද්ගලයන්ගේ ද සුදුසුකම් වෙනස් වේ. මෙම වෙනස පීසීඅයිඞී ඒකකය මගින් කෙරෙන පරීක්ෂදණ සම්බන්ධයෙන් කුමන ආකාරයකින් සිදුකරන්නේ ද යන්න පිළිබ`දව යෝජිත සංශෝදන වල කිසිම සඳහනක් කොට නැත.

සමාන්‍යයෙන් ජාතික පොලිස් කොමිසන් සභාව මෙතෙක් කර ඇති පරීක්ෂදණ දෙස බලන කල පෙනී යන්නේ ඒවා බොහෝ දුරට සිදුකරන්නේ පොලිසියේ ඉහළ තනතුරු දැරූ විශරා්යයමලත් පොලිස් නිලධාරීන් විසින් බවය. ඔවුන් මෙය බොහෝ දුරට කරන්නේ අදාල පරශර දේශවල සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පරීක්ෂලණ කාර්යය භාරදීම මගිනි. ඔහු විසින් ගන්නා නිගමන සනාථ කරමින් පොලිස් කොමිසම සිය තීන්දු පරයි කාශයට පත්කරයි. මෙය සාවද්යය කරිල යාදාමයකි. ඉහළ පොලිස් නිලධාරීන් තමන් යටතේ සිටිනා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂාණයක් කිරීමට අවශ්යර අපක්ෂිපාතීත්වය ඇත්තන් නොවේ. මේ නිසා එවැනි පරීක්ෂේණ වලින් මෙතෙක් කල් සිදුවී ඇත්තේ පැමිණිලි යටපත් කිරීම හෝ නැතහොත් පැමිණිල්ල පිළිබ`දව සමාදානයක් කිරීම සදහා පැමිණිලි කාරයාට බලපෑම් කිරීමය. පීසීඅයිඞී විමර්ශන ඉහත සදහන් වර්ගයේ ‘විමර්ශනවලින්’ වෙනස් වන්නේ කෙසේද? මෙය මෙම යෝජිත කෙටුම්පත මගින් ඉතා පැහැදිලිව පරමර කාශයට පත්කල යුතුව ඇත. පැමිණිලි පරීක්ෂාධ කිරීමේ අපක්ෂරපාතීත්වය ආරක්ෂා් වන්නේ කෙසේද යන්න පිළිබදව පැහැදිලිව පරලි කාශයට පත්කල යුතුව ඇත. එමෙන්ම කරන ලද පරීක්ෂාණය මත පදනම් වී ඉන්පසු අවධියේ කෙරෙන කටයුතු මොනවාද යන්නද පැහැදිලි කල යුතුය. එමෙන්ම මේවා කරන්නේ ඒවා කිරීමට කුමන සුදුසුකම් ඇති පුද්ගලයන් විසින්ද යන්නද පැහැදිලිව පර්ක කාශයට පත්කල යුතුය. එසේ නැතහොත් සිදුවන්නේ පරීක්ෂදණ කිරීමක් නොව, පරීක්ෂමණ යටපත් කිරීමක් පමණි.

3. පොලිස් නිලධාරීන්ට විරුද්ධව කරන පැමිණිලි හා පොලිස් සේවය සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් අදාල පරීක්ෂනණ කෙරෙන්නේ කුමන ආකාරවලින්ද යන්න ද කෙටුම්පත තුළින් පරධව කාශයට පත්නොවේ. මෙය උදාහරණයකින් පැහැදිලි කල හැකිය. පොලිස් නිලධාරියෙකු විසින් යම් තැනැත්තෙකුට වදහිංසා කලාය යන්න එක් නිලධාරියෙකුට හෝ නිලධාරීන් කණ්ඩායමකට විරුද්ධව කරන පැමිණිල්ලකි. ලංකාවේ පොලිස් සේවය තුළ සහකාර පොලිස් අධිකාරීවරුන් වදහිංසාවට අනුබල දෙන ආකාරයෙන් කටයුතු කරනවාය යන්න, පොලිස් සේවය සම්බන්ධයෙන් කරණු ලබන පැමිණිල්ලකි. මේ දෙක සම්බන්ධයෙන් කරණු ලබන පරීක්ෂීණ හෝ විමර්ශණ එකම ආකාරයකින් කල හැක්කේ නැත. නිලධාරියෙකුට විරුද්ධව කෙරෙන පරීක්ෂ්ණ හා පොලිස් ආයතනය තුළ පවතින වැරදි පිළිබඳ කරණු ලබන පරීක්ෂීණ එකිනෙකට හාත්පසින්ම වෙනස් ඒවා වේ. ආයතනයට විරුද්ධව කරනු ලබන පරීක්ෂීණ ගැන විමර්ශණ සිදුකල යුතු වන්නේ එසේ කිරීම සඳහා සුදුසුකම් ඇති හා එසේ කිරීමේ දී අපක්ෂශපාතීව කරිස යා කරනවා ඇතැයි බලාපොරොත්තු විය හැකි අය මගින්ය. ආයතනයට විරුද්ධව කරන පැමිණිලි පරීක්ෂාර කිරීමේ දී ආයතන කරින යාකරන ආකාරය පිළිබඳ දැනීම සමාජ විද්යාපව පිළිබ`දව හා දේශපාලනමය විද්යා්වන් පිළිබඳ දැනීම මෙන්ම තුලනාත්මකව සමාජ පරාජ ශ්නයක් සාකච්චාවට භාජනය කල හැකි ආකාරයකින් කටයුතු කිරීමේ හැකියාව පැවතිය යුතුය. මේ පිළිබ`දව කිසියම්ම හෝ සැළකිල්ලක් යෝජිත කෙටුම්පත මගින් පරේක කාශයට පත්වී නැත.

ඉහත සඳහන් කර ඇත්තේ පැමිණිලි විභාග කිරීම සම්බන්ධයෙන් කරික යාපටිපාටිය ගැන සකස්කර ඇති කෙටුම්පතෙහි ඇති යම් මුලික අඩුපාඩුකම් පිළිබඳව කෙටි සටහනකි. මෙම කෙටුම් පත අප දන්නා තරමට සිංහලෙන් හෝ දෙමළෙන් පරිවර්ථනය කොට ඉදිරිපත් කොට නැත. මේ නිසාවටම මේ පිළිබඳව සාකච්චාවට සහභාගී වීමේ අවස්ථාව රටේ වැඩි කණ්ඩායමකට හිමි නොවේ. රටේ ඉතාමත්ම වැදගත් සංස්ථාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මෙම කෙටුම්පත පිළිබඳව පළල් සාකච්චාවක් අවශ්යනවේ. එවැනි සාකච්චාවකට අදාලවන මූලික කරුණු සමහරක් පමණක් මෙම ලේඛණයේ සඳහන් වේ. සාකච්චා අවස්ථාවේ දී වඩා පුඵල් කරුණු දැක්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි. රටේ සියලූ ජනතාවටත් විශේෂයෙන්ම සිවිල් සමාජයේ කරිි යාකාරී කණ්ඩායම් වලටත් මේ පිළිබඳව සාකච්චාව ස`දහා වැඩි කාලයක් අවශ්යෙ බව අපගේ මතයය.

යෝජිත කෙටුම්පතේ සඳහන් ප්‍රධාන කරුණු

1. ඉහත සඳහන් පැමිණිලි සම්බන්ධයෙන් විභාග කිරීම ජාතික පොලිස් කොමිසම විසින් හෝ එම කොමිසමේ ලේඛම් හෝ අධ්යෙක්ෂවකගේ නිරීක්ෂිණය යටතේ කරණු ලබයි. එසේ කරණු ලබන්නේ පී සී අයි ඞී ඒකකය මගින් හෝ එහි අතිරේක අධ්යබක්ෂනක හෝ පරා දේශීය නිලධාරියෙකු විසින් හෝ කොමිසන් සභාව විසින් පත්කරණු ලබන වෙනත් නිලධාරියෙකු විසින් කරණු ලබයි.

2. මේ සඳහා එවා ඇති පැමිණිලි ලැබුණු බවට අදාල නිලධාරීන් විසින් එසේ ලැබී සතියක් ඇතුලත දී පැමිණිල්ල කල අයට දැනුම් දිය යුතුව ඇත.

ජාතික පොලිස් කොමිසම පැමිණිලි විභාග කිරීම පිළිබ කොමිසම සතු බලය මෙම පී සී අයි ඞී අංශය වෙත පවරා දෙනු ලබයි. ජාතික පොලිස් කොමිසම පරීක්ෂලණ පැවැත්වීම සඳහා ස්වාධීන පරීක්ෂසකයන්ට හෝ පරීක්ෂයණ කණ්ඩායම් වලට බලය පැවරිය හැකි අතර එසේ බලය පැවරූ තැනැත්තන් ඔවුන්ගේ පැමිණි පරීක්ෂාි කිරීම පීසීඅයිඞී අංශයේ අධීක්ෂසණය යටතේ කල යුතුය.

3. ජාතික පොලිස් කොමිසම විසින් පිසීඅයිඞී අධ්යක්ෂකවරයාට හෝ අදාල වෙනත් අයට පොලිස් නිලධාරීයෙකුට හෝ පොලිස් සේවයට විරුද්ධව කර ඇති පැමිණිලි පරීක්ෂා කිරීම සඳහා ඕනෑම පොලිස් ස්ථානයකට ඇතුලූවී පරීක්ෂාව කොට අවශ්ය පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කිරීමටත් අදාල ලේඛණ පරීක්ෂා කිරීමටත් බලය පැවරිය හැකිය. ඕනෑම තරාතිරමක පොලිස් නිලධාරියෙකු විසින්ම පීසීඅයිඞී අංශයේ පරීක්ෂවණ වලට සහයෝගය දැක්විය යුතු අතර යම් හේතුවක් නිසා පීසීඅයිඞී අංශය විසින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට නොහැකි තත්ත්වයක් ඇතොත් ඒ බව සති දෙකක් ඇතුලත දී දැනම් දිය යුතුය.

4. ජාතික පොලිස් කොමිසන් සභාව හා පීසීඅයිඞී අංශය මගින් පැමිණිල්ලක් ලැබී මාස තුනක් ඇතුලත එම පැමිණිල්ල විභාග කර අවසන්කර ඒ පිළිබඳ නිර්දේශ මාස තුනක් ඇතුලත දී දැනුම් දීම සඳහා සියලූම පරරක යත්න දරනු ඇත. පැමිණිලිකරුට පැමිණිල්ල සම්බන්ධයෙන් විභාගයේ පරසි ගතිය දැනගැනීම සඳහා ඉල්ලීම් ඕනෑම අවස්ථාවක කල හැකි අතර ඒසඳහා එස් එම් එස්, ඊමේල්, ලිපි හෝ පුද්ගලිකව පැමිණ ඉල්ලාසිටීම් ආදිය කල හැකිය.

5. පැමිණිල්ල පිළිබඳ පරීක්ෂ්ණයේ මුල් තීරණ සම්බන්ධයෙන් පැමිණිලිකරු සෑහීමකට පත්නොවේ නම් මේ පිළිබඳව නැවත පරීක්ෂාල කිරීමට ඉල්ලීමක් කල හැකිය. එසේ නැවත පරීක්ෂාය කිරීමේ දී කරණු ලබන තීන්දුව අවසාන තීන්දුව වේ.

6. මෙම පරීක්ෂලණ සම්බන්ධයෙන් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධව පැහැදිලි නිර්දේශයක් නැති අවස්ථාවක දී සුදුසු කරි් යාපටිපාටියක් කොමිසන් සභාව විසින් අනුගමනය කල හැකිය.

7. අගතියට පත් පාර්ශවය වශයෙන් පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් සේවය විසින් කරණු ලබන කරිී යාවක වින්දිතයෙකු අදහස් කරණු ලබයි. ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් නීත්යාරනුකූලව ලබාදිය හැකි සහන ඇඟවේ.

# # #

The Asian Human Rights Commission (AHRC) works towards the radical rethinking and fundamental redesigning of justice institutions in order to protect and promote human rights in Asia. Established in 1984, the Hong Kong based organisation is a Laureate of the Right Livelihood Award, 2014. 

Check Also

මියන්මාරයට එපා වු …..ලංකාවට ඇලජික් වු.. රෝහින්ග්‍යා(Rohingya) කවුද?

රෝහින්ග්‍යා(Rohingya) ගැන මේ දිනවල රට ඇතුලේ නිරන්තර කතාබහට ලක්වෙනවා.රෝහින්ග්‍යා අර්බුදය හේතුවෙන් නැවතත් මුස්ලිම් ජනතාව දිහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *