Home / ප‍්‍රාදේශිය / ළමා අයිතීන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ළමයි පාරට

ළමා අයිතීන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ළමයි පාරට

ළමා අයිතීන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් සිසු සිසුවියන් පිරිසක් ඉයේ (11) පාගමනක නිරත වූනා.ලෝක ළමා දිනය වෙනුවෙන් කොටගල පතන, ශ්‍රීපාද විද්‍යාපීඨය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

තලවාකැලේ හා කොටගල ප්‍රදේශවල පිහිටි සිංහල, දෙමළ පාසල්වල ළමයින් 120 ක් පමණ කණ්ඩායමක් (11) දා පෙ.ව. 10.00 ට පමණ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ , පතන මංසන්ධියේ සිට ශ්‍රීපාද විද්‍යාපීඨය දක්වා පෙළපාලියකින් ගමන් කරනු ලැබුවේ, ළමා අයිතීන් සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින්  සඳහන් කරන ලද පුවරුද අතැතිවය.

පෙළපාලිය අවසානයේ ශ්‍රීපාද විද්‍යාපීඨයේ ශ්‍රවනාගාරයෙදී මෙම පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදිමක්ද සිදු කෙරිණි.

පතන ශ්‍රීපාද විද්‍යා පීඨයේ පීඨාධිපතිනි ආර්.එස්.කේ.රමණී අබේනායක, දිඹුල -පතන පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභසිංහ යන මහත්ම මහත්මීන් හා විද්‍යා පීඨයේ  ආචාර්ය මණ්ඩලය හා එහි ගරු සිසු සිසුවියන්, ගුරුවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක-මස්කෙළිය

Check Also

අලූත උපන් බිලිදු මළසිරුර එළවලූ කොටුවක …. මව සොයා පොලිස් මෙහෙයුමක්….

නොර්වුඩි පොලිස්වසමට අයත් කර්කස්වොල්ඩි එල්බොඩවත්ත පහළකොටසේ එළවලූ කොටුවක තිබිබිලිදු මළසිරුරක් අද (28.9)පස්වරුෙවිසොයා ගත් බව නොර්වුඩි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *