රටේ ප්‍රශ්න අදාළම නෑ…, මංගල රාජිත අගමැති සටනක

0

දැනට පවතින වතාවරණය අනුව රට දේශපාලන වශයෙන් ඉතාමත් බැරෑරුම් අවදානමකට මුහුණ දෙමින් සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩත්තේ ඥාණසාර ඉමියන් පවසනවා.

පසුගිය 10 වෙනිදා එම සංවිධාන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

“රට තියෙන්නේ විශාල අනතුරක, දේශපාලන වශයෙන් විශාල අනතුරක. ජනාධිපතිවරයා හා ඔහුව බලයට ගෙන ආ පිරිස අතර විරසකයක්. ඊලගට බලය රඳවා ගෙන ඉන්න ආණ්ඩු පක්ෂයේම ඇමතිවරුන් අතර අගමැති තරගයක්. රටේ ප්‍රශ්න කාටවත් ඕන නෑ. එයාලට ඕන අගමැති වෙන්න. මංගලට ඕන අගමැති වෙන්න. රාජිතට ඕන අගමැති වෙන්න. අගමැති සිහින තියන අය ගොඩාක් ඉන්නවා. ඒ අය ඒ agenda එකේ ඉන්නේ. රට මෙහෙන් වැටෙනවා. මොකද්ද මේ විහිලුව. ජනාධිපතිවරයා මේ පැත්තෙන් ගිහිල්ලා එක එක චිත්‍රපට එළි දක්වනවා. ඒකාබද්ධේ කට්ටිය තව එකක් කරනවා. අපිට  තේරෙන්නේ නෑ. මේක මේ ඒකාබද්ධද, ජවිපෙද, ආණ්ඩුවවද කිසි අදාළත්වයක් නැහැ. මේ දේශපාලඥයෝ තමයි ඒ ප්‍රශ්න රටට ගෙනල්ලා තියින්නේ. ඒනිසා මෙතනදි පක්ෂ කතන්දරයක් නැතුව සිංහලයන් හැටියට එකතු වෙලා ඉස්සල්ලා මේ රටට ගැලපෙන් ව්‍යවස්ථාවක් සකස් කර ගත යුතුයි. මෙ අමුණලා අමුණල, මම හිතන්නේ ඉන්දියාවේ ව්‍යවස්ථාවේවත් නෑ මේ වගේ ඇමුණුම් තොගයක්. ඒක බරපතල කාරණයක්. අනිත් පැත්තෙන් මේ රටේ ජනතාව මේ සම්බන්ධයෙන් අවධියෙන් තියන්න ඕන. එහෙම එකක්නෑ. ඒනිසා ඉතාම අවදානම් තැනකයි ඉ ඉන්නේ,”