“මහින්ද” ආපහු ශ්‍රීලනීපයෙන් ඉල්ලන්නේ නෑ …

0

මින් ඉදිරියට පැවැත්වෙන කිසිදු මැතිවරණයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, අනුරුද්ධ පොල්ගම්පල පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීම වෙනුවෙන් ගොඩගම උත්සව ශාලාවක සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් අනුරුද්ධ පොල්ගම්පල සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මින් මතුවට නොසිතා ශ්‍රී ලංකා පොදුජන පක්ෂයට ඉදිරි මැතිවරණවලදී ඡන්දය දී ජයග්‍රහණය කිරීමට කටයුතු කලයුතු බවයි.