Home / Featured / මේක අලුත් සෙල්ලමක්, යහපාලනය වෙනුවට ඒකාධිපති පාලනයට යන්නේ ජනතාවගේ අයිතියත් උදුර ගෙන

මේක අලුත් සෙල්ලමක්, යහපාලනය වෙනුවට ඒකාධිපති පාලනයට යන්නේ ජනතාවගේ අයිතියත් උදුර ගෙන

ජනතාවට යහපාලනය ලබා දීමට බලයට පැමිණි ආණ්ඩුව යහපාලනය පසෙකින් තබා ජනතාවට නිදහසේ උද්ඝෝෂණය කිරීමට ඇති අයිතියද අද වන විට උදුරා ගෙන ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම පවසනවා.

හම්බන්තොට පැවති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“අලුත් සෙල්ලමක් බවට ත් වෙලා තියනවා. ඕනෑම උද්ඝෝෂණයක් පවත්වන්න යනකොට ඊට කලින් උසාවියෙන් ගන්නවා තහනම් නියෝගයක්. උද්ඝෝෂණයක් පවත්වන්න වත් නිදහස මේ රටේ ජනතාවට ලබා දෙන්නේ නෑ. මේ ගුවන් තොටුපොළවල් ඉදිකරද්දි, වරායවල් ඉදි කරද්දී ජනතාගේ ඉඩම් අත්පත් කර ගත්තේ ඒ ජනතාවට මේක හරහා ප්‍රතිලාභයක් ලැබෙන බවට සහතික කරමින්. ඒ උද්ඝෝෂණයට ආපු අයට පහර දුන්නා. ASP දළුවත්ත මාධ්‍යවේදියෙකුට කණ පුපුරන්න ගහනවා, උද්ඝෝෂණයට නායකත්වය දුන්නා කියන පදනම් මත ඉදගෙන පළාත් සභා මන්ත්‍රීවරු රැසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියනවා. අද අඩුම තරමේ ජනතාවට යහපාලනය ලබා දීම පැත්තක  තියලා ජනතාවට සාමකාමි උද්ඝෝෂණයක් කිරීමේ අයිතියවත් ලබා දෙන්නේ නෑ. ඒකාධිපති පාලනයක මේ රට මේපක්ෂ දෙක එකතු වෙලා මේ රට ගෙනල්ලා තියනවා කියන කාරණය කණගාටුවෙන් කියන්න ඕන,”

“අලුත් අධිකරණ ඇමතිතුමිය වැඩ පටන් අරගෙන තියනවා. පරණ අධිකරණ ඇමතිවරයාව ඉවත් කරන්න ප්‍රධාන හේතුව තමයි රජයෙන් නියෝග දීලා හිරේ දාන්නේ නැති කොට තමයි එතුමාගේ ඇමතිධූරය ඉවත් කළේ. දැන් අපිට පේනවා අලුත් ඇමතිතුමිය නියෝග ඉතාම ඉහළින් ක්‍රියාත්මක කරන බව රජයෙන් කියන්නේ කවුද ඒ අයව හිරගත කරනවා. රට විනාශ කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ අය යන්නේ කොමිශන් ඉස්සරහට.”

Dilum Amunugama

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *