දහස් ගණනක් ජනතාව පීඩාවට පත් කළ දුම්රිය වර්ජනය තාවකාලිකව හකුලා ගනි

0

දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සමග අද පස්වරුවේ පැවති සාකච්ඡා වලින් අන්තුරුව මෙම තීරණයට එළැඹී බවයි එම සංගම් ප්‍රකාශ කරන්නේ.

ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වූ මෙම දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දිවයින් පුරා දුම්රිය ගමන් වාර 200කට වඩා අවලංගු වූ අතර එමගින් පාසල් සිසුන්, කාර්යාල සේවකයන් ඇතුළු සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත් විය.

දුම්රිය රියැදුරු සහයකින් බදවා ගැනීමේ පටිපාටිය අසාධාරණ බව පවසමින් දුම්රිය රියැදුන්ගේ සංගමය ඊයේ පස්වරු 6 ට පමණ මෙම හදිසි වැඩවර්ජනය ආරම්භ කළ අතර එයට පසුව දුම්රිය නියාමකවරුන්ගේ ද සහය හිමිවිය.

කෙසේවෙතත් තම දින චර්යාවට හදිසි ලෙස මැදිහත් වූ මෙම වැඩවර්ජනය හේතුවෙන් තම නිවෙස් වෙත හෝ ගමනාන්ත කරා යාමට නොහැකිව අසරණ වූ මගි ජනතාවගෙන් හිමි වූයේ අයහපත් ප්‍රතිචාරයකි.