Home / Featured / මහින්දානන්ද,වෙල්ගම,විදුර ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් දොට්ට!

මහින්දානන්ද,වෙල්ගම,විදුර ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් දොට්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූර දරමින් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන කුමාර වෙල්ගම, මහින්දානන්ද අළුත්ගමගේ, විදුර වික්‍රමනායක ඇතුළු පස්දෙනෙකු එම සංවිධායක ධූර වලින් ඉවත් කර තිබේ.

ඒ අනුව නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම එම සංවිධායක ධුරවලින් ඉවත් කර මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං පත් කර තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව සංවිධායක වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *