Litro ගෑස් ලොක්කගේ වංගු ගැහිල්ලෙන් ජනපති පත්වීමත් වැට උඩ?

0

ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ  ද්විත්ව පුරවැසි බව පිළිබඳව කතා කරමින් බලය ලබා ගත් යහපාලන රජය මහබැංකු අධිපති ලෙසත් ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙසත් පත් කර ඇත්තේ රටේ පුරවැසියන් නොවන පුද්ගලයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

අද (12) පැවති ඒකාබද්ධ විපක්ෂය විසින් කැදවා තිබු මාධ්‍ය හමුවකදි ඔහු මේ බව ප්‍රකාශ කළා.

“දෛවෝපගත සිදුවීමක නිසාද දන්නේ නෑ දිනපතා ආණ්ඩුවේ කම්බ හොරුන්ගේ වංචාවන් ටික එලියට එන්න පටන් අරන් තියනවා. ආණ්ඩුව ගත්ත ගමන් මහබැංකුව හොරා කාලා වැඩේ පටන් ගත්ත අයියලා ජාත්‍යන්තර බැංකු හොරා කන මට්ටමටම මේ වැඩේ ව්‍යාප්ත කරලා තියනවා. මේක බැංකු මංකොල්ලකරුවන්ගේ රටක්. ඔන්න අරන් දීපු වෙනස. ඡන්දෙ ඉල්ලන අයගේ ද්විත්ව පුරවැසිබව ගැන කතා කරගෙන ආව අයියලා. අන්තිටමට මහබැංකු අධිපතියි, ලිට්‍රෝ සමාගමේ සභාපතියි කරලා තියෙන්නේ මේ රටේ පුරවැසියන් නොවන අයියලා. ලංකාවේ පුරවැසියෙක් ඔවුන පුද්ගලයෙක් දේශපාලන පක්ෂයකුත් හදලා එකේ සභාපතිත් වෙලා. ඒ පක්ෂෙන් ජනාධිපතිවරණ 2කටත් ඉදිරිපත් වෙලා එකක් දිනලා, දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අපි අහනවා මේ ජයග්‍රහණය වලංගුද?”

“බැදුම්කර කොමිසමට ඊයේ මලික් සමරවික්‍රම මහත්තයා, කබීර් හෂිම් මහත්තයා ගියා කුමන හෝ හාස්කමකින් වැඩිය හරස් ප්‍රශ්නවලට අහු නොවි ඉදලා තියනවා. අරජුන් මහේන්ද්‍රන් බොහෝම පැහැදිළිව කිවවා අගමැතිතුමාගෙන් අහගන්න මට තේරෙන්නේ නෑ කියලා. එතකොට අපි අහන්නේ කවදද අගමැතිතුමාට මේකට ගේන්නේ කියලා. ඒකත් කරලා මේක ඉවරකළොත් තමයි මේ බැදුම්කර කොමිසම හරි දේ කළා වෙන්නේ. දැන් ටිල්වින් සිල්වා මහත්තයා කියනවා ඒකීයද සන්ධීයද කියලා වැඩක් නෑ 60,000ක් මැරෙන්නේ නෑනේ ඒකාලයේ එහෙම කිව්වා නම්. මේ තක්කඩි රැළ අද ඔක්කොම එකතුවෙලා මේ රට ප්‍රපාතයට ඇදගෙන යන්නේ” මන්ත්‍රිවරයා සඳහන් කළා.

Wimal Weerawansa/New Democratic Front