රාජිතව දේශපාලනයෙන් ගෙදර යවනවා..

1

පරාජය දැක දැක වියරු වැටී සිටින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නට ඉතිහාසයේ අත් විය යුතු නියම ස්ථානය හිමිකර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) සහකාර ලේකම් නවීන් ද සොයිසා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා ප්‍රශ්ණ කර සිටියේ අප සංගමය මහින්ද රාජපක්ෂ සමඟ සිටිනවා යැයි ඇමැතිවරයා කියන්නේ කොහොමද?යනුවෙනි.

“සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය සේවා කොමිසමට ලොකු දෝෂාරෝපණයක් සිදුකර තිබුණා. රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන් තීන්දු ගන්නා විට වැඩ කරන්න බැරිලු. ඇමැතිවරයා හොඳටම වියරු වැටිලා. සටනකදී පරාජය පේන කොට හැසිරෙන වියරුව අප දුටුවා.”

“ඉදිරි මැතිවරණයකට සංගමයේ වෛද්‍යවරු සූදානම් කරන බවට ඔහු චෝදනා කරනවා. එක දන්ත වෛද්‍යවරයකුට මෙහෙම විනාශයක් කරන්න පුළුවන් නම් වෛද්‍යවරු විසිපහක් ආවොත් කොහොමද? රාජිත සිටින මඩවළට වැටෙන්න ඕන නැහැ. වෛද්‍යවරු 25ක් පාර්ලිමේන්තු එනවා වෙනුවට මේ සිටින කෙනා ගෙදර යවන්න කටයුතු කරනවා. එතුමා මොනවා කීවත් ඔහු වැනි දේශපාලනඥයන් දේශපාලනයේ නොසිටිය යුතුයි.”

“අප සංගමය මහින්ද රාජපක්ෂ සමඟ සිටිනවා යැයි ඇමැතිවරයා කියන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ සමඟ සිටියේ කවුද? රනිල් සමඟ සිටියේ කවුද? රනිල් වැඩක් නැහැ කියලා ගියේ කවුද? එයා දැන් ඉන්නේ කොතනද?”

1 COMMENT

  1. දොස්තර මහත්වරැ කියන දතා අැමති ගෙදර යැවීම ඉතාම කාලෝචිතය්. නමුත් කලුතර පදිංචි මුසල්මනයන්ගෙන් 90% ක් රාජිත මොහම්මඩ්ට මනාපයක් ගහනවා. කැපුවත් කොල සිංහලයො කිසිවෙක් හොර දතාට චන්දෙ නොදුන්නත් ඔහුට
    මුසල්මන මනාප වලින් පමනක් පාර්ලිමේන්තුවට යා හැකි බව දොස්තරලා දැන ගත යුතුය්.

Comments are closed.