ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කුරිරුයි, අකාරුණිකයි, වහාම දෙමළ සිරකරුවන් නිදහස් කරන්න!

0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට ඇති දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට ඉතා ඉක්මණින් නිසි පියවර ගන්නා ලෙස විපක්ෂ නායක හා දෙමළ ජාති සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් සම්බන්ධන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායකවරයා විසින් මෙම ලිපිය ඊයේ (12) දිනයයේදි ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබු අතර කරුණු 9ක් යටතේ ඔහු තම ඉල්ලීමට හේතු දක්වා තිබෙනවා.

ඒ අනුව එම ලිපිය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවියන් තිදෙනෙක් රදවා ඇති අතර ඔවුන් අත්තඩංගුවට ගත්තද නිසි පරිදි චෝදනා කරමින් හෝ නොකරමින් හෝ අදාළ පනත යටතේ ගත යුතු සියළු ක්‍රියාමාර්ග ඔවුන් වෙත ගෙන ඇති බවද,  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා කුරිරු, අකාරුණික හා යල් පැන ගිය නීතියක් ලෙස දේශිය හා ජාත්‍යන්තර වශයෙන් සලකුණු ලැබීම නිසා දේශිය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි වගකීම රාශියක් ඉටු කර ඇති ශ්‍රි ලංකා රාජ්‍ය පිළිගත් නීති සම්මතයන්ට අනුව නව නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්ව දී තිබේ.

එසේ වුවත් ලංකාව තවමත් එම කැපවීම නීතිපොතෙහි සඳහන් කිරීමට ශ්‍රි ලංකාව සූදානම් නොමැති බවද සම්බන්ධන් සිය ලිපිය මගින් අවධාරනය කරනවා.

දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට එරෙහිව තිබෙන එකම සාක්‍ෂිය ඔවුන්ගේ කැමැත්තකින් තොරව ත්‍රස්ත මර්ධන පනත යටතේ ලබාගත් පාපෝච්චාරණය බවත් බොහෝ නඩු ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ නඩු පැවරීමට අවශ්‍ය කාරණා නිසි පරිශි සූදානම් නොකිරීම නිසා බවත් එහි සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට නිසි මොහතකදී විසඳුමක් ලබාදී තිබුණේ නම් සිරකරුවන් බවට පත්ව සිටින බොහෝ දෙනෙකුට දැනට සිදුව ඇති තත්වය ඇති නොවන බව විපක්ෂනායකවරයා සිය ලිපිය මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.