ජේ.ආර්. නොකලදේ මට කරන්න ඔනේ නෑ….ජනපති

1

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 78 ව්‍යවස්ථාවේ අඩංගු නොමැති දේවල් තමන්ට කිරීමට කිසිම අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලු එම පක්ෂයේ නියෝජිතයන් හමුවේ අවධාරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රමුඛ පිරිස ජනාධිපති මන්දිරයේ දී පෙරේදා (11) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදි විමල් වීරවංශ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රටේ පරමාධිපත්‍යය බලය මෙන්ම බුදුදහම අභියෝගයට ලක්වන බව පෙන්වා දි තිබේ.

මෙම සියලු පැහැදිලි කිරීම් අවසානයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 78 ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේ දී ජේ.ආර්. ජයවර්ධන පවා අත නොතැබූ කාරණා වෙනස් කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවයි. එසේම නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ අදහස් පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම අදහස් විමසා ඒ සියලු කාරණා අධ්‍යයනය කොට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

1 COMMENT

  1. සිරිසේන ජාතියන්තරයේ පඹයෙක් බව මේ වෙනකොට කී සැරයක් නම් ක්‍රියාවෙන් ඔප්පු කරල තියනවද? බලමු මිනිහ මේ අවසාන වතාවෙ වත් කියන දේ කරය්ද කියල.

Comments are closed.