මහින්ද ශ්‍රීලනිපය අත්හරි ….මහින්දගේ නායකත්වය වෙනත් සන්ධානයකට!

0

ඉදිරි මැතිවරණ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුලුල් සංධානයක් තරග කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.ඊයේ(12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් බැසිල් රාජපක්ෂ සදහන් කළේ ප්‍රාදේශිය සභා 200ක පමණ බලය අලුත් සන්ධානයට අත්පත්කර ගත හැකි බවයි.

“ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මූහුණ දෙන පළවෙනි මැතිවරණය. අපේ පක්ෂය තීරණය කරලා තියනවා 25% ක් තරුණයින් වෙනුවෙන් වෙන්කරන්න. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය එක්ක කටයුතු කරන පක්ෂ තමයි, මහජන එක්සත්පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ. ලංකා සමසමාජ පක්ෂය, මහජන පක්ෂය, දේශ විමුක්ති පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ඒවගේම නැගෙනහිර TMVP පක්ෂයත් අපිත් එක්ක සාකච්ඡා කරලා තියනවා. පිල්ලෙයාන්ගේ පක්ෂය කිව්වොත් වඩාත් ලේසියි. මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තමයි අපි තරග කරන්නේ. දැන් අපිට කවුරු හරි සම්බන්ධ වෙනවා කිව්ව හැටියේ, දැන් බලන්න T.B  ඒකනායක එක්ක එකතු වෙනවා කිව්ව හැටිය එයාට පරීක්ෂණ පවත්වනවා. අපි වෛරී දේශපාලනයක් අපි කරන්නේ නෑ. දැන් ඔබතුමාලා දඩාවතේ යන බල්ලෙක් හැපුවට බල්ලව හපන්න යන්නේ නෑනේ.”

“2015 තිබිච්ච ජනාධිපති මැතිවරණය ජනවාරි 08 වෙනිදා, අගෝස්තු වල තිබ්බ පාර්ලිමේන්ට්තු මැතිවරණයත් දෙකම ජයග්‍රහණය කරපු ආසන වල තියෙන සම්පූර්ණ ප්‍රාදේශිය සභා ගණන 154 යි. ඒකත් ජයග්‍රහණය කළා. මම හිතන්නේ ඒ ප්‍රමාණයට අමතරව තව 60ක් විතර දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ 200 පන්නන්න පුළුවන් වෙයි කියලා හිතනවා,”