Home / Featured / අපි රනිල් එක්ක එකතුත් නෑ එකතු වෙන්නෙත් නෑ…., යනවා නම් යන්නේ ගෙදර විතරයි

අපි රනිල් එක්ක එකතුත් නෑ එකතු වෙන්නෙත් නෑ…., යනවා නම් යන්නේ ගෙදර විතරයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර යාමට එම පක්ෂයේ කිසිදු පුද්ගලයෙක් කැමති නොවන බවත් අලුතෙන් හදන් හෝ වෙනත් පක්ෂ වලට ගොස් අනතුරේ වැටීමට කිසිදු පක්ෂ සමාජිකයෙක් සූදානම් නොවන බවත්  එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අතීතයේ නිදහස් පක්ෂය කඩා දමමින් වෙනත් පක්ෂ නිර්මාණය කිරීමට සූදානම් වූ පිරිසට නැවත ජයග්‍රහණය කළ හැකි වූයේ නිදහස් පක්ෂය සමග එකතු වීමෙන් අන්තුරුව බවත්‍ ය.

“එදා අපිට කිව්වා යූඑන්පීයට යනවා කියලා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතු වෙලත් නෑ. එකතු වෙන්නේත් නෑ. මේ පක්ෂය අතහැරලා යනවා නම් යන්නේ ගෙදර විතරයි. ඔය අලුත් හදන පක්ෂ වලටත් අපි කවදාවත් යන්නේ නෑ. ඔය අනිත් පක්ෂ වලට ගිහිල්ලා අපි අමාරුවේ වැටෙන්නේ නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩලා පක්ෂ හදපු අවස්ථා ගණනාවක් තිබුණා. ඒ අයට ආපහු එන්න උනේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට. ඇවිල්ලා තමයි ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණේ. ඒ නිසා පක්ෂ කඩාගෙන ගිහිල්ලා පක්ෂ හදලා කවදාවත් ජයග්‍රහණයයක් ලබා ගන්න බෑ. මම දන්නවා දැන් අලුත් පක්ෂයක් හදන එක ගැන කතා කරනවා. අමම් දන්නවා ඒ පක්ෂේ හැදෙන එකට ඒ පැත්තේ ඉන්න යගෙන් 80% ක් විරුද්ධයි. මොකද එතැන ඉන්න බොහෝ දෙනෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අත අරින්න කැමති නෑ. මේ පක්ෂේ කඩලා වෙන් කරන්න සූදානම් කිහිපදෙනෙක් ඉන්න බව අපි දන්නවා. ඒ ගෝල්ලෝ ඒ අයගේ කතා පවත්වනකොට එයාලා යුඑන්පීයට බනින්නේ නෑ බනින්නේ ශ්‍රි ලංකා එකට”

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

One comment

  1. ගනන් ගන්න එපා. අමරය අගමැති වෙන හීනයක් දැකලද කොහෙද දොඩවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *