බැසිල්ගේ පොහොට්ටුව පිපෙන්නේ නෑ…, බැසිල් එක්කම පරවෙලා යනවා..!

0

ශ්‍රි ලංකා නිදහස්පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ඇත්තේ වෙනසක් බවත් රට පුරා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රතිරූපය වැන්නක් ගොඩ නගා ගැනීමට පොදුජන පෙරමුණ පහසු කාර්යයක් නොවන බවත්  වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

ගාල්ලේ අද (13) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලුවේ නෑ. මහින්ද මහත්තයා උන්ට හොරකම් කරගන්න ඇරලා නිකන් හිටියා. හැබැයි මේ ආණ්ඩුවෙන් ඒක හෙව්වා. අපි ඒවටත් උත්තර දෙනවා. මල්වානේ නිවස වගේම සිල් රෙදි හොරකම ගැනවත් උසාවිය ඉස්සරහ දෙන්න උත්තර එයාලට නැති වුණා. ඒවා ඉස්සරහට තීරණය වෙන කාරණා. බැසිල් රාජපක්ෂ මහත්තයා ගොඩාක් උත්සහ කරනවා පොහොට්ටුව ඉස්සරහට පුප්පවන්න. අපි බොහෝම විශ්වාසයෙන් කියනවා ඔය පොහොට්ටුව පිපින්නේ නෑ. බැසිල් රාජපක්ෂ එක්කම පරවෙලා යනවා ඔය පොහොට්ටුව. අපේ පක්ෂ දෙක අතර වෙනසක් තියනවා. අපේ රට පුරා සංවිධායකයෝ ඉන්නවා. ශාඛා සංවිධාන ජාලයක් තියනවා. අපි ඒවා ඔක්කොම යාවත්කාලින කර ගෙන ඉන්නවා. මේ වෙනකොට අපේ ලැයිස්තුව අපි හදලා ඉවරයි ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජනවාරි මාසයේ අපේ පක්ෂය දිනවන්න සියළු කටයුතු අපි සූදානම් කරලා ඉවරයි.”

“අගමැතිතුමා ගැන අපිට කතා කරන්න බෑ. ඒ පක්ෂේ අය බලාගනි ඒ ගැන. ජනාධිපතිතුමා බැඳුම්කර කොමිසම දැම්මා වගේම ඒක රිවස් කරන්න බෑ ජනාධිපතිතුමාට. ඉස්සරහට ගිහිල්ලා අවසන් වේවි නියමිත තැනින්. වැරැද්ද කළේ කවුද ඒ අයට දඩුවම් ලැබෙයි. රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සේවකයෝ හොරකම වංචාවට දැන් බයයි. ඒ නිසා දැන් හොරකම වංචාවට තිත තියලා තියෙන්නේ.” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Nishantha Muthuhettigamage