Home / Featured / ජාතික විගණන පනත අමු හෙලුවෙන්……!

ජාතික විගණන පනත අමු හෙලුවෙන්……!

ආණ්ඩුව විසින් ජාතික විගණන පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එය සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍ර කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුම මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති පවසනවා.

ඊයේ (12) මාතර පැවති රැස්වීමට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුවේ එම වෑයමට ඉඩ දෙමින් ජාතික විගණන පනත සම්මත කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවයි.

“ජාතික විගණන පනත කැබින්ට් මණ්ඩලයට ගෙනල්ලා සම්පූර්ණ විගණන පනත නිර්වස්ත්‍ර කරලා තියනවා. විකෘති කරලා තියනවා. දැන් කැබිනට් මණ්ඩලය කියනවා රටේ විගණකාධිපතිවරයා විගණනය කරන්න ඕනේ ඇමතිවරුන්ට ඕන විදියයයි කියලා. විගනකාධිපතිවරයා ඉන්නෙ රටේ ඇමතිවරුන්ගෙන් මේ ඉලක්කම හරිද වැරදිද කියලා අහන්න නෙමෙයි. ඒවගේම ඇමතිතුමාට කැමති විදියට මම ලියන්නම් විගණන වාර්තාව එහෙම කියන්න ඕන විගණකාධිපතිවරයෙක් ඕනේ නෑ. ඉතින් මේ විගණන පනතට කරන වද දීම හිංසනය දැක්කම අපිට තේරෙනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අභිලාෂය මොකද්ද කියලා. හොරකම් කරන එක නීතිගත කර ගන්න. එහෙම විගණන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දෙන්නේ නෑ අපි. ඒනිසා විශේෂයෙන්ම මේ විගණන පනතට දෙන දසවදය අපි ජනතාව අතරට ගෙනි යනවා.  අපි ඔබට පෙන්නම් මේ ආණ්ඩු වල තියන ඇත්ත උවමනාව මොකද්ද කියලා. අර බොක්කේ දඩ මස් තියාගෙන හක්කේ බුදු රැස් වලින් කතා කරන උදවිය මේ ගොල්ලෝ.” මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Sunil Handunnetti

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *