Home / Featured / පුරවැසිභාවය නැත්නම් පක්ෂ තනතුරු දැරිය හැකිද? තින්දුව ගන්න මැතිවරණ කොමිසම රැස්වේ

පුරවැසිභාවය නැත්නම් පක්ෂ තනතුරු දැරිය හැකිද? තින්දුව ගන්න මැතිවරණ කොමිසම රැස්වේ

රටේ පුරවැසි භාවය නොමැති පුද්ගලයන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය හෝ වෙනත් තනතුරක් දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසම තිරණය කර තිබේ.

පසුගියදා තායිවාන බැංකුවකට අයත් කෝටි ගණනක මුදලක් වංචා කිරිමට වත්මන් ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස තරග කල හංසයා ලකුණ දරණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ බ්‍රිතාන්‍ය පුරවැසියකු බව හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේන බවයි වාර්තා වන්නේ.

1995 දී නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ ලෙස ආරම්භ වූ එම පක්‍ෂය 2009 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ලියාපදිංචි කර තිබේන අතර එම පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශාමලී පෙරේරායි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස පක්ෂය ලියාපදිංචි කිරිමේදි ශලීල මුණසිංහ ජාතික හැඳුනුම්පතක්‌ මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර, ඉන්පසු පක්‍ෂ නායකයකු ලෙස මැතිවරණ දෙපාර්ත්මේන්තුවේ රැස්‌වීම්වලට ද සහභාගි වී තිබේ.

පසුගියදා ඇතිවු සිද්ධියෙන් ශලීල මුණසිංහ  බ්‍රිතාන්‍ය පුරවැසියකු බව අනාවරණය වනතුරුම මැතිවරණ දෙපාර්ත්මේන්තුවද ඒ සම්බන්ධයෙන් දැනුවත් වි සිට නෑ.

 

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *