Home / Featured / ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් නව ව්‍යවස්ථාවට ජනමත විචාරණයක්!

ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් නව ව්‍යවස්ථාවට ජනමත විචාරණයක්!

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් සම්මත කිරිමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දිමක් කලහොත්   අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යන බව මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කුරුණෑගල හිරිපිටියේ ඊයේ (12)  පැවති උත්සවයකට සහභාගි වෙමින් සඳහන් කළා.

“අද අලුත් ව්‍යවස්ථාව ගැන සංවාදයක් ඇති වෙලා තියනවා. අපේ රටේ දෙවතාවක් ව්‍යවස්ථා හැදුවා. බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ හා ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ කාලයේ. අපේ රටේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ සිටින සියළු පක්ෂ සියළු ජාතින් එකතුවෙලා ව්‍යවස්ථාවක් හැදුවේ නෑ. මේක අනගි අවස්ථාවක්. අපේ රටේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක මේ වගේ තත්ත්වයයක් ඇති වුණේ නෑ. බුද්ධාගමට තිබිය යුතු ප්‍රමුඛස්ථානය අපි ලබා දෙනවා. ඒවහේම ඒකියත්වය සංකල්පය අපි ආරක්ෂා කරනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ කියලා මම මතක් කරන්න කැමතියි. ඒනිසා අපි සියළු දෙනාගෙන්ම ඉල්ලිමක් කරනවා විශේෂයෙන්ම ගරුතර මහා සංඝරත්නයෙන් අපි මේ යන ගමනට ආශිර්වාද කරන්න කියලා. මේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම මේ රටේ ජාතික ප්‍රශ්නය විසදන්නේ නැතුව මේක දඩමීමා කරගෙන බලයට ආපු උදවිය නිසා මේ රට තිස් අවුරුදු යුද්ධයකට ගියා.”

“අපි ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් සම්මත කරලා ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය අපිට කිව්වොත් මේක අපි අනිවාර්යෙන්ම අපි ජනමත විචාරණයකට යනවා.”

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *