ඊලමක් වෙනුවෙන් ජනමතයක් ඉල්ලා රුද්‍රකුමාර් සටන අරඹයි

0

ශ්‍රි ලංකාව තුළ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම ඇතුලත් යෝජනාවලියක් උතුරු නැගෙනහිර ජනතාවට ඉදිරිපත් කොට  ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් ක්‍රියාත්මක කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබු නිවේදනයක මේ බව සඳහන් වන අතරම සිංහල බෞද්ධ බලපෑම් වලින් තොරවු ස්වයං තීරණ අයිතිය ඇති වෙනම ඊලාම් රාජ්‍යයක් තුළ දෙමළ ජනතාව ජීවත් කරවීම තම සංවිධානයේ දේශපාලන අභිලාෂය බවත් සඳහන් වෙනවා.

මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව සහ තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය තීරණය කරනු ලබනවා.

මේවන විට එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් දෙමළ ඊලාම් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන වී රුද්‍රකුමාරන්ගේ (V. Rathrakumaran)නායකත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කොට ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.