දිපාවලි උත්සවය සමරන්න වතුකරයේ හින්දු ජනතාව සුදානමින්

0

හින්දු භක්තිකයන්ගේ ප‍්‍රධාන අවුරුද්දක් ලෙස සැලකෙන දිපාවලි උත්සවය මේ මස (18.10) වන දිනට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන් තම නිවසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු රෙදි පිළි ලබා ගැනිම සදහා වතුකරයේ ජනතාව විශාල වශයෙන් හැටන් නගරය කරා පැමිණෙමින් සිටිනවා.

එසේ පැමිණෙන පාරිභෝගික ජනතාව වෙනුවෙන් හැටන් ලංගම ඩිපෝව මගින් හා හැටන් පෞද්ගලික බස් රථ හිමියන් මගින් මෙම උත්සවය සමය අවසන් වන තෙක් විශේෂ බස් රථ සේවාවක්ද හැටන් බස්නැවතුමිපොළේ සිට ධාවනය කිරිමට කටයුතු කර තිබෙනවා. මේ අතර එසේ පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් නගරයේ තෝරා ගත් ස්ථාන වල පමණක් පදික වෙළදාම පවත්වාගෙන යෑමට කටයුතු කර ඇති අතර එම ව්‍යපාරිකයන්ට නගර සභාව මගින් ලබා දි ඇති පරිසර නිති ඇතුලු කොන්දේසි ගණනාවක් යටතේ තම ව්‍යපාරික කටයුතු සිදුකළ යුතු බවයි.

හැටන් දික්ඔය නගර සභාවේ ලේකමි එස්. පි‍්‍රයදර්ශනි මහත්මිය පවසන්නේ. හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ රථ වාහන සැලස්මක් හා ආරක්‍ෂක වැඩ පිළිවෙලක් හැටන් පොලිසිය මගින් මේ වන විට කි‍්‍රයාවට නංවා ඇති අතර නිල ඇදුමෙන් සහ සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිළධාරින් ගණනාවක් දිවා රාති‍්‍ර දෙකෙහි රාජකාරි සදහා යොදවා තිබෙනවා.

රංජිත් රාජපක්ෂ -හැටන්