සර්ව ආගමික නායකයින් සමග වතුකරයේ ජනතාව දිපාවලි සමරයි…

0

ලෝපුරා හින්දු භක්තිකයන් අදට (18.10) යෙදි ඇති දිපාවලි උත්සවය අතිඋත්කර්ෂවත් ලෙස සමරන අවස්ථාවේ වතුකරයේ ජනතාවද ඊයේ (17.10) රාති‍්‍රයේ සිට දිපාවලි උත්සවය සමරන ආකාරයක් අප කැමරාවේ මෙසේ සටහන් වුණා.

හැටන් නගර මධ්‍යයට ඊයේ (17.10) රාති‍්‍ර එක්රැස් වු හින්දු ජනතාව ආගමික වතාවන් පවත්වමින් පොල් තෙල් පහන් දල්වා රතිඤ්ඤා දල්වමින්, මල්වෙඩි සංදර්ශන පවත්වමින් ලැබුවා වු දිපාවලි දිනය උත්කර්ෂවත් අන්දමින් පිලිගනු ලැබුවා. මෙයට සමගාමිව සංගිත සන්දර්ශනයක්ද පැවැත්වුණා. දිපාවලි දිනය සමරන අවස්ථාවට ප‍්‍රදේශයේ සර්ව ආගමික නායකයින් මෙන්ම ප‍්‍රදේශයේ සිංහල,දමිළ, මුස්ලිමි ජනතාවද විශාල පිරිසක් පැමිණ සිටියා.

රංජිත් රාජපක්ෂ -හැටන්