ගමේ එකා කුළල් කාගත්තට නායකයෝ එහෙම නෑ, මෛත්‍රිගෙන් මහින්දව බලාපොරොත්තු වෙන්න එපා!

0

සියළු දේශපාලනික කුළල් කා ගැනීම් ඇත්තේ ගමේ බිම් මට්ටමේ ජනතාව ලග බවත් දේශපාලන නායකයින් අතර කිසිවිටක දේශපාලන වශයෙන් කුළල් කා ගැනීමක් දක්නට නොලැබෙන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා.

කොට්ටාව ප්‍රදේශයේ පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ජනවාරි 08 වෙනිදා හිටපු ජනාධිපතිතුමා මේ රටේ අති බහුත්‍රයක් දෙනා එතුමව ප්‍රතිකේෂ්ප කරලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගන්නවා. මේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව පත් අර ගත්තේ ඔලුවක් වෙනුවට තවත් ඔලු ගෙඩියක් නෙමෙයි. එදා හොදට මතක ඇති එදා ගියපු පාර හරි ඇති නිසා මේ රටේ අති බහුතර ජනතාව තීරණය කරනවා මහින්ද මහත්තයා කොච්චර හොද වැඩ කළත් කොච්චර අපි ආදරය කළත් මේ රටේ නායකයා යන මාර්ගයවෙනස් කරන්න ඕන. සමහරුන්ට වැරදිලා තියනවා අපි වෙනස් කළේ මහින්ද මහත්තයා වෙනුවට මෛත්‍රි මහත්තයා නෙමෙයි . මේ රට යන්න ඕන ක්‍රමයයි අපි වෙනස් කළේ. දැන් සමහරු බලාපොත්තු වෙනවා මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙනුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු වැඩ. ඒකට තමයි අපි පත් කළේ. මේ රට වෙනස් කරන්න, ප්‍රතිසංස්කරණය කරන්නයි මෛත්‍රි මහත්තයාව පත් කළේ.”

“හැමෝම රට හදන්න අත්වැල් බැද ගන්න. මොකද වරද්ද ගන්න එපා. ගමේ විතරයි මේ දේශපාලන කුළල් කා ගැනීම තියෙන්නේ. නායකයෝ ගාව මේක නෑ. මහින්ද මහත්තයයි රනිල් මහත්තයාත් යාලුයි. මතකයිනේ, රනිල් මහත්තයාට පක්ෂේ ප්‍රශ්නයක් ආවා සිරිකොතේ. පාර වහලා දුන්නා. රෑට රෑට කෝපි බිව්වා. උදේට හම්බවුණා. හැබැයි ගමේ කට්ටිය දේශපාලන වශයෙන් වෛරක්කාරයෝ වුණා. ලොකු අයට හොද නම් යාලුවෙලා එකට ඉන්න ඡන්දෙදි විතරක් තමන් කැමති පක්ෂෙට ඡන්දෙ දෙන්න ඇයි ගමේ එකාට අකපැද?” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Duminda Dissanayake