මාස තුනෙන් තුනට මොනවා හරි විකුණ දුවනවා රට හිගන දවස වැඩි ඇතක නෑ

0

මාස තුනෙන් තුනට රටේ සම්පත් විකුණමින් ඒ ලබා ගන්නා මුදලෙන් ආර්ථිකය පවත්වාගෙන යන මේ යහපාලන රජය නිසා රටේ ආර්ථිකය කඩා වැටී රට හිගන තත්ත්වයට පත් ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි,

“රටේ විශාලතම ආර්ථික කඩා වැටීමට මුහුණ දීලා තියනවා. මට තකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා එයා ආණ්ඩුවක් ගත්ත වහාම රාජපක්ෂවරු කළේ පවුලේ සාක්කු පුරවන එක විතරයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් අරගෙන ජනතාවගේ සාක්කු පුරවනවා කිව්වා. කොහොමද සාක්කු පල්ලේ හිලක් වෙන්න ඕන. පිරෙව්වේ නෑ. ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. ඒ ආර්ථික කඩා වැටීමට ප්‍රධානතම හේතුව මොකක්ද අපේ රට මුහුණ දීලා තියනවා දැවැන්ත ණය අර්බුදයකට. මම ගෙනාවා පොතක් රවි කරුණානායක ගහලා ගිය පොතක්. මම එතුමාට මේ පොත ගැන ස්තුතිවන්ත වෙනවා. මේ පොත ගහලා ගියාට. ඉතින් මේ පොතේ තියනවා 1985 අපේ ණය තිඅතක් වගේ 1985 අපේ ණය ප්‍රමාණය කෝටි 13,000යි. අද කීයද අද අපේ ණය ප්‍රමාණය කෝටි දස ලක්ෂ 50,000යි. එතකොට මොකද වෙලා තියෙන්නේ 1985 ඉදලා අද වෙනකොට අපේ ණය පංගුව කෝටි දසලක්ෂ ගණනින් වැඩි වෙලා තියෙන්නේ. ඒ ණය අලින් රටේ වත්කම් වැඩි උනේ නෑ. එහෙමන් ණය අර්බුදයට අපි වගකියන්න ඕනද? නෑ ඒ රටේ ජනතාව වගකියන්න ඕන නෑ. ලබා ගන්න මුදල මදි ණය වාරිකය ගෙවන්න දැන් හතර වටේ ණය වෙලා තියෙන්නේ. දැන් නිකන් දෙන්නේ නෑ. දැන් කියන්නේ මොකද්ද හම්බන්තොට වරාය වික්කොත් සල්ලි දෙන්නම්,”

“දැන් වික්කා. මම හිතන්නේ ඒ සල්ලි දැන් ඉවර ඇති. මහ බැංකුව කියලා තිබ්බා ඒ ගොල්ලන්ට සතයවත් ආවේ නෑ කියලා. මේ රටට කන්නවත් නෑ අගාධයට වැටිලා ඉන්නේ. ඒ අස්සේ කපිලවස්තුපුරට සල්ලි දෙනවා. දැන් ඔය සල්ලි මාස ගණනනික් නැතිවෙයි. ඒ සල්ලි ඉවර වුණාම මත්තල ගුවන් තොටුපොළ විකුණනවා. දැන් ඒකත් විකුණන්න හදන්නේ ඉන්දියන් කොම්පැනියකට. ඒ සල්ලි වලින් ටික කාලයක් දුවනවා. ඔය මාස තුනෙන්  තුනට මොනවා හරි විකුණ විකුණ ඉන්න ආර්ථිකයක් හදන්නේ දැන් රට හිගන තත්ත්වයට වැටිලා ඉන්නේ. ඒ නිසා මේ පක්ෂ 2 අවුරුදු 70ක් මේ රට පාලනය කරලා දැන් හිගන තත්ත්වයට පත් කරලා ඉන්නේ.”