රට පාලනය කරන්න භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් ඕන නැහැ!

0

එදා රජ කාලයේදි එකම උගත් පරපුරක් ලෙස පැවතියේ භික්ෂු සමාජය බැවින් රජු විසින් රාජ්‍ය පාලනය සඳහා එම සමාජයෙන් උපදෙස් හා අනූශාසනා ලබා ගත්තද වර්තමාන රාජ්‍ය නායකයින් එසේ කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ පවසනවා.

අද (20) කොළඹ දි පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ බව ප්‍රකාශ කළා.

“මම පුදුම උණා කොහොමද සති තුනක පමණ කාලයක් තුළ මල්වතු මහනාහිමියන් මේ විදියට වෙනස් වන්නේ කියලා. නමුත් හොයලා බැලුවම මොකද වෙලා තියෙන්නේ උන්වහන්සේගේ කිසිම අනු දැනුමක් නොමැතිව උන්වහන්සේ ලංකාවෙත් නැති වේලාවක අර කියන ජාතිවාදී චින්තනයෙන් මෙහෙයවන භික්ෂූන් වහන්සේලා පිරිසක් මල්වතු මහනාහිමියන්ගේ නම අරගෙන මේක කරලා තියෙන්නේ. මේක වංචාවක්. මේක ගිහියෙක් කළා නම් මේක බරපතළ වංචාවක්. පැවිදි කෙනෙක් කළා නම් ඊට වඩා පාපතර ක්‍රියාවක්.”

“හුගාක් අය කියනවා භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා නැතුව මේ රට පාලනය කරන්න බෑ කියලා. නමුත් අමතක කරන්න එපා උගත් කියලා සමාජ සංස්ථාවක් තිබුණා නම් එදා තිබුණේ එකම සමාජ සංස්ථාවයි ඒ තමයි භික්ෂු සමාජය ඒනිසා තමයි එදා රජවරු ඒ ගොල්ලන්ගෙන් අවවාද අනුශාසනා ගත්තේ. අද ඉංජිනේරුවරු ඉන්නවා, අධ්‍යාපන විශේෂඥවරු ඉන්නවා, නීතිඥවරුන් ඉන්නවා, ගණකාධිකාරිවරුන් ඉන්නවා, දේශපාලන විශාරදයින් ඉන්නවා, ආර්ථික විශේෂඥවරුන් ඉන්නවා ඒ උගත් සමාජය ඉන්දැද්දි අපි කියනවද අදත් රජ්ජුරුවෝ කියනවා වගේ සංඝයා වහන්සේගේ අණ උඩ රට පාලනය කළ උතුයි කියලා රාජ්‍ය නායකයා. ඒක මහා විකෘතියක්