මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

0

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ඉතාම  භයානක මොහතක් දැන් එළඹි ඇති බැවින් මහා සංඝ සමාජයට හා ජාතිවාදී නොවන උගතුන් වියතුන් හා වෘත්තිකයන් එකට එක් විය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගබොඩත්තේ ඥාණසාර හිමියන් පවසා සිටිනවා.

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රටේ වර්තමාන තත්ත්වය සළකමින් විශේෂ ප්‍රකාශයක් අරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

“අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ හා වෙනත් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අගමැතිවරයා විශේෂයෙන්ම මල්වතු මහනාහිමියන්ගේ අත්සන හා ඒ ඡායාරූපය යොදා ගැනීම වැරදීය මහනායක හිමියන් ව්‍යවස්ථාවට පක්ෂය යනුවෙන් පවසමින් යම් කළ කෝලාහලයක් මතවාදිමය වශයෙන් නිර්මාණය කරලා තියනවා. ඒ නිසා අපි සංවිධානයක් විදියට මේ අවස්ථාවේදි සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපට වඩා උඩින් ඉන්න මහා සංඝරත්නය, අපි උගතුන් හැටියට, වියතුන් හැටියට සලකන ඒ දේශප්‍රේමි නොවන එයට වඩා ජාතික තලවල වැඩ කරන අන්තර්ජාලයයේ මතවාදයන් පළ කරන උගතුන්ගෙන් අපි බොහෝම ආරදරෙයින් ඉල්ලන්නේ සිංහල දරුවන්ගෙන්, උඹලා අපිට මොනවා කිව්වත් අපි උඹලා එක්ක තරහා නෑ. මේක ඉතාම භායනක මොහොතක්. අපි අපේ අවධානය එකම් දීශාවකට යොමු කළ යුතු කාලය එළඹිලා තියෙන්නේ. ඒ නිසා සිංහල, දේශප්‍රේමි දෙමළ, බෙදුම්වාදයට විරුද්ධ, අපේ මුස්ලිම් ප්‍රජාව, අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. අපි ඔක්කෝම ප්‍රශ්න අමතක කරමු. අපි එකම තලයකට එක්වෙමු මේ ව්‍යවස්ථාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන විද්වතුන්ගේ, නීතී විශාරදයින්ගේ හා අනෙක් වෘත්තිකයන්ගේ මතයට ඉඩ හදමු. දැන් නිකාය අතර බෙදීම් හදන්න පුළුවන්, සංවිධාන අතර බෙදීම් හදන්න පුළුවන්, දේශප්‍රේමින් අතර බෙදීම් ඇති කරන්න පුළුවන්. ඒනිසා මේක දේශපාලන ප්‍රශ්නයික් නෙමයි. මේක අපේ ඉරණම පිළිබඳව ප්‍රශ්නයක්. මේ රටේ 80% ජීවත් වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැති අහිංසක අසරණ මිනිස්සු. ඒනිසා අපි ඔක්කෝම ප්‍රශ්න අමතක කරලා එකම කාරණයක් වෙනුවෙන් එක්තු වෙන්න. විලක් බොර වුණාම ඒකේ පතුළ පේන්නේ නෑ, ඒවගේම මේ ප්‍රශ්නෙදිත් අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා මේ රට නරක තැනකට වැටුනට පස්සේ අනේ අපොයි කියලා වැඩක් නෑ…!” ඥාණසාර හිමියන් අවධාරණය කර සිටියා.