ජනපති මෛත්‍රී “රාජපක්‍ෂව” ශක්තිමත් කිරිමේ කුමන්ත්‍රණයක!

0

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ශක්තිමත් කිරීමේ උත්සාහයක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිරතවී සිටින බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් එස්.ගජේන්ද්‍රන් චොදනා කර සිටි.

දෙමළ ජාතික ජනතා පෙරමු‍ණ විසින් යාපනය මාධ්‍ය සමාජයේ පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එස්.ගජේන්ද්‍රන් පවසා ඇත්තේ යුද අපරාධ චෝදනා වලින් රාජපක්ෂලා ගලවා ගැනිමට වත්මන් ජනාධිපතිවරය සියුම්ව කටයුතු කරමින් සිටින බවයි.

“යුද අපරාධ චෝදනා එල්ලා වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ සහෝදරයින්ව ආරක්‍ෂා කිරීමේ උත්සාහයක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිරතවී සිටින අතර, තවත් පසෙකින් මහින්ද රාජපක්‍ෂ නැවත බලය අල්ලා ගනු ඇතැයි යන්න දෙමළ ජනතාව බිය ගන්වමින් සිටියි”