පොහොට්ටුව පිපෙන්නත් කල් යනවානේ මල්ලි….. තාම ගහ හිටවලත් නෑනේ

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පිරිස නිදහස් පක්ෂයෙන් ගියාට නිදහස් පක්ෂයේ ජනප්‍රියත්වයට හෝ ස්ථාවර බවට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

රාජාංගණය ජලාශයේ නීරික්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

“පොහොට්ටුවක් පිපෙන්නත් කල් යනවානේ මල්ලි, තාම ගහ හිටවලත් නෑ, පැළ වෙළත් නෑ. දැන් ගහ හදන්න පැල කරන්න, වතුර දාන්න දැන් කට්ටිය ඕනනේ. අපි මේ පක්ෂයට අලුත් ලේ එනවට කැමතියි. ඔය හාල් කෑලි ගියාට අපිට පාඩුවක් නෑ. ඔය යන එන හැම දෙනාම දැන ගත යුතුයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන්නේ යෝධ වෘක්ෂයක්. මේ පක්ෂේ කාටවත් වට්ටන්නත් බෑ. ඔයට වඩා ජනප්‍රිය අය පක්ෂෙන් ගියා. නමුත් මොකද වුණේ අන්තිමට මේ පක්ෂේ ඉතුරු උණා. නව පරපුරට පිරිසිදු පක්sහයක් හැටියට දායද කිරීම තමයි අපේ එකම වගකීම. අපි ඡන්ද වලින් දෙසැරයක් පැරදුනා. ඒ පැරදුන පක්ෂෙට අපි රටේ ජනාධිපති අපි සභාපති විදියට පත් කරගෙන තියනවා. ඒ ශක්තිය අපි මේ පක්ෂෙට දීලා තියනවා. එහෙම නම් හැම දෙනාගේම වගකීම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට සහය දුන්නොත් අපිට ආණ්ඩුවක් ගන්න පුලුවන්, තනිවම. සමහර විට ඒක 2020 වෙන්න පුලුවන්. එහෙම නැත්තම් සමහරවිට ඊට කලින් වෙන්නත් පුළුවන්. ඒකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානම් කියලා කියන්න ඕන.”

Gamini Vijith Vijithamuni Soysa