පත්තර කියන්නේ බොරු…පත්තර පිටු ඔක්කොම ආණ්ඩුවට ගහලා නිවුස් දානවා… බලය බෙදන්නේ ජනතාව වෙනුවෙන්..

0

දේශපාලන වශයෙන් බලය බෙදීම දේශපාලඥයින් සඳහා නොව ජනතාව සඳහා විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (21) වව්නියාවේ පැවති ‘නිල මෙහෙවර ජනතා සේවයේ’ ස්මාප්ති උළෙල සඳහා සහභාගි වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ බලය බෙදීමට පාර්ශවයන් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

‘‘ අපි රජයක් ලෙස බොහොම පැහැදිලි ලෙස රටේ ජනතාවට කියලා තියෙනවා මේ රට කැඩෙන්නේ නැති බෙදෙන්නේ නැති විසඳුමකට යන්න ඕන බලය බෙදීම සම්බන්ධයෙන් කියලා. මේ කාරණාව කියනවිට සමහර අය සත්‍ය කතා කරනවා වගේම සමහර අය අසත්‍ය ප්‍රකාශ කරනවා. දකුණේ ජනතාව නොමග යවන්න වැරදි ප්‍රචාර කරනවා. බලය බෙදීම දේශපාලනඥයින් සඳහා නොව බලය බෙදීම ජනතාව සඳහා විය යුතුයි. ඒ නිසා මේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දුන්නේ නැත්නම් මේ රටේ අනාගතයේ ඇතිවන ප්‍රශ්නවලට ඒගොල්ලෝ වගකියන්න ඕන. විවේචණය කරන්න පුළුවන්, විරෝධතා කරන්න පුළුවන් නමුත් විසඳුමක් දෙන්න ඒගොල්ලන් ගාව කිසිදු යෝජනාවක් නැහැ. මේ විරෝධතා කරන සියලුදෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා ඒගොල්ලෝ විරුද්ධනම් අපි ඉදිරිපත් කරන යෝජනාවලට දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඒගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා කෙටුම්පත් කරලා නැහැ. අඩු වශයෙන්ම දළ කෙටුම්පතක්වත් හදලා නැහැ. එක් එක් දේශපාලන පක්ෂවල මතය සහ අදහස් ඉදිරිපත් කරපු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ වාර්තාවේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. සුදුසු නැති දේවල් තිබෙනවානම් ඉවත් කරන්න පුළුවන්. නමුත් එහි තිබෙන දේවල්වලට වඩා බොරු අසත්‍ය ප්‍රචාරයන් ප්‍රචාරය කරනවා අන්තවාදී පිරිස්. මම අද කොළඹ ඉඳලා වව්නියාවේ එනකොට ඉරිදා පත්තර ඔක්කොම කියවගෙන ආවේග මොන තරම් මේ පත්තරවල බොරු ලියනවාද කියලා අපිට පේනවා. මේ පත්තරවල තිබෙන බොරු උදේට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් මේ රටේ ජනතාවට ඒ අයතන කියනවා. එතකොටට ඒ අය කියවන්නේ පැහැදිලිවම ජනතාව නොමඟ යවන්න බොරුයි කියලා මම පැහැදිලිව කියනවා. අපි මාද්‍යයට නිදහස දීලා තියෙනවා අද තියෙන ප්‍රශ්නය තමයි දීලා තියෙන මාධ්‍ය නිදහසත් එක්ක පත්තරේක පිටු 25 ක් තියෙනවානම් 25 ම ආණ්ඩුවට විරුද්ධව තමයි ලියන්නේ. පිටු 25 ම ලිව්වට කමක් නෑ ඇත්ත ලියනවානම්. මේවා පිටුපස්සේ ඉන්නේ ආණ්ඩු විරෝධී දේශපාලනඥයෝ. ජාතිවාදය අවුස්සලා දේශපාලන බලය ලබාගන්නයි උත්සාහ කරන්නේ. නමුත් ඒගොල්ලන්ට මම පැහැදිලිව කියනවා ඒ පාපකාරී දේ කරන්න එපා’’

Maithripala Sirisena