උසස් කුල -පහත් කුල , නිකායන් ආදී ලේස “බෙදුනු “ භික්ෂු ප්‍රජාව “ නොබෙදුන “ රටක් ඉල්ලයි

2

කිසිදෙයක් ගැන සුවිශේෂී හැදෑරීමක් නොතිබුනාට ලංකාවේ පූජ්‍යය පක්ෂයට ( කාදිනල් ගේ සිට මහානායක හිමිවරු දක්වා ) රටේ දේවල් සම්බන්ධයෙන් බලපෑම් කලහැකි ප්‍රමානය එක අතකට විහිලු සහගතය . කොතරම් ගොබ්බ , පසුගාමී, ද්වේශ සහගත ප්‍රකාශයක් කරත් කිසිවෙකුට එය ප්‍රශ්න කරන්නට අවසරයක් නැත. කිසිවකු ප්‍රශ්න කරතොත් සිව්රේ හෝ ලෝගුවේ බලය භාවිතා කොට එසේ කරනා අය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසනු ඇත.

එවන් පසුබිමක් තුල , නායක හිමිවරැ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යය නැති බවට තීන්දු දෙන්නේත් abortion සම්බන්ධයෙන් කාදිනල් තීන්දු දෙන්නෙත් ඒ කාරණා දෙක ගැනම රට තුල ඇති විශාල සංවාදය සතයකට මායිම් නොකොටය.

සිව්ර අදින විදියේ සිට උඩරට – පහතරට, උසස් කුල -පහත් කුල , නිකායන් ආදී ලේස “බෙදුනු “ භික්ෂු ප්‍රජාව “ නොබෙදුන “ රටක් ඉල්ලයි. කෙසේ හෝ මේ වෙද්දී ඒකීය රාජ්‍යයක් යන බෝඩ් ලෑල්ල කලකට පසු නැවතත් රටේ බලවත් භික්ෂු පාර්ෂව කිහිපයක් විසින් දූවිලි පිස දමා එලියට ගෙන ඇත. “ ඒකීය භික්ෂු ප්‍රජාවක් “ යන සංකල්පයට , එනම් අඩුතරමේ බුදු දහමේ මූලික පදනමක් වන සමානාත්මතාවය රකින භික්ෂු ප්‍රජාවක් වත් සෑදීමට සූදානම් නැති, පහත් යැයි සම්මත කුලවල අයව උපසම්පදා කරවීමට විරුද්ධ , ඔවුනට නායක පදවි දෙනවාට විරුද්ධ භික්ෂු ප්‍රජාව ‘ ඒකීය රාජ්‍යයක්“ ඉල්ලයි .

සංඝ සමාජයම නොයෙක් ආකාරයට විභේදනය කරගත් මොවුන් අනෙක් අතට සමාජයේ විභේදනයන් ඉවසනවා පමනක් නොව තව තව විභේදනයන් ඇති කරමින් සිටී. මේ සියල්ල කරන ගමන් උපාසක අම්මලාට වසල සූත්‍රයේ සමාජ සමානාත්මතාවය පිලිබද මූලධර්ම ගැනද දෙසති .

බුදුන් වහන්සේ සමූහාණ්ඩුවාදී අදහස් වලට ගරු කලේ යැයි පැවසෙතත් ලංකාවේ සංඝ සමාජය ඒ මත පදනම් වූ දේශපාලන චින්තනයක් වර්ධනය කරේද කරන්නේද නැත. ඒ වෙනුවට, විසි එක්වන සියවසේදීත් ඔවුන් රජෙකු ඉල්ලමින් හඩා වැටේ. සංඝ සමාජයේ සිටින මේ හාමු පැලැන්තිය වරෙක රාජපක්ෂවාදය වෙනුවෙන්ද වරෙක ආණ්ඩුව වෙනුවෙන්ද පෙනී සිටියත් මොවුන් සැබවින්ම පෙනී සිටින්නේ ‘‘ බෙන්ස්වාදය “ වෙනුවෙන් බව රහසක් නොවේ. අනෙක් අතට සංඝ සමාජයේ සිටින ‘‘ රස්තියදුකාර පැලැන්තිය ( ඤානසාර ගේ සිට සරණාගතයින්ට ගල් ගැසූ අයිඩී කාඩ් දෙකක් ඇති අරමිබේපොල හිමි දක්වා) සම්බන්ධයෙන් මේ ගෞරවනීය හාමු පැලැන්තිය දක්වන ප්‍රතිචාරයද නිහඩ අනුමත කිරීමකි.

කෙසේ හෝ මේ වෙද්දී අධිකාරවාදී ධුරාවලීගත ව්‍යුහයක් තුලට පිරිහී ඇති මේ සියල්ලම පෙනී නොසිටිනුයේ බුදු දහමේ මූලික හරයන් වෙනුවෙන් පමනි . එහෙත් ජනතාවට මේ කිසිදෙයක් ප්‍රශ්නයක් වී නැත. පාර්ලිමන්ට් එක තක්කඩින්ගෙන් පිරී යාම ගැටලුවක් නොවන ජනතාවට පන්සල් ,පල්ලි තක්කඩින් ගෙන් පිරීයාම ද ගැටලුවක් නොවේ

නිදහසේ සුළඟ

2 COMMENTS

  1. කුලය අනුව නිකාය හැදුවේ හාමුදුරුවරු නෙමෙයි ඒක කලේ රජවරු අඩු කුලෙන් මහන වෙච්ච හාමුදුරුවරුන්ට වදින්න අකමැති රජවරු තමන්ගේ කුල වලින් වෙනම හාමුදුරු කුලයක් හැදුවා

  2. ඉහත බුලත් කියන එක අැත්තය්.‍ අැත්ත ලංකාවෙ බුද්ධ සාසනේ නිකාය ගනනාවක් තියෙනවා. නමුත් මොන නිකායෙ උනත් හාමුදුරැවරැ සියලු දෙනාම ගිහියන්ට දෙන්නෙ එකම පන්සිල් පද පහය්. නිකාය බේදයක් නැතව දාන මාන වලට එකට වඩිනවා. වැඩි හිටි කම අනුව එක පේලියට එකට ඉඳ ගන්නවා. වෙන් වෙලා ඉඳ ගන්නේ නැහැ. මුස්ලිම් ෂියා සුනී නිකාය වල වගේ බෞද්ධ හාමුදුරැවරැ ගහ මරා ගන්නෙ නැහැ.

Comments are closed.