NGOකාරයොන්ට ඕන විදියට ව්‍යවස්ථා සම්මත කරන්න දෙන්නේ නෑ….ශ්‍රිලංනීප මතයයි, ජනිපෙ මතයයි එකයි

0

රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය පරිදි නව ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ ලබා නොදන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අවධාරණය කර ඇති බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදි ප්‍රධාන අමාත්‍ය මේ බව ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේ ඒකියත්වය සහ බුද්ධ සාසනය සම්බන්ධයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එකඟ විය නොහැකි බවයි.

“රට සම්බන්ධයෙන් වෙන කාරණාවක් සාකච්ඡා කරනවා නම් ඒ ගැන මතය ප්‍රකාශ කරන්න රටේ ඉන්න මහා සංඝරත්නයට අයිතියක් තියනවා. NGOකාරයෝ අද අපේ මහා සංඝරත්නය විවේචනය කරනවා. අපේ හාමුදුරු ගොල්ලෝ නූගත් අය නෙමෙයි. ලෝකේ කිසිම ආගමික නායකයෙකුට අභියෝග කරන්න බැරි විදියට අධ්‍යාපන සුදුසුකම් අපේ මහනායක හාමුදුරුවන්ට තියනවා. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බොහෝම පැහැදිලියි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කොහොමත් මේ ඒකියභාවය කියන කාරණයේදි අලුත් ව්‍යවස්ථාවේ තියන් කාරණය එක්ක එකග වෙන්න බෑ. ඒවගේම බුද්ධ සාසනය සම්බන්ධ කාරණයේදීද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එකග වෙන්න පුළුවන් කමක් නෑ. ජනාධිපතිතුමා අපිට මධ්‍යම කාරක සභාවේදි පැහැදිළිවම කිව්වා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විමල්ලා නගන කාරණයෙත් අපි නගන කාරණයේත් කිසි වෙනසක් නෑ. එ කියන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හැටියට අපි මේ අලුත් ව්‍යවස්ථාවේ NGOකාරයොන්ට ඕන විදියට මේක මේ මහ පොළවේ සම්මත කරන්න දෙන්නේ නෑ කියන පණිවිඩය ජනාධිපතිතුමා දීලා ඉවරයි.” මහා ඇමතිවරයා අවධාරණය කර සිටියා.

Isura Devapriya