මාධ්‍යයයි, ඒකාබද්ධයයි රට නොමග යවනවා………..

0

පරාජයට පත්වී අවුරුදු දෙකකට වැඩි කාලයක් ගතවි තිබියදීත් සමහර මාධ්‍ය පවා උපයෝගි කර ගෙන ඒකාබද්ධ විපක්ෂය ජනතාව දැඩිව නොමග යවමින් සිටින බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

“ප්‍රධාන පක්ෂ 2 එකතුවෙලා ගෙනි යන මේ යහපාලන ආණ්ඩුව කිසි විටක රටට අයහපතක් කරන ආණ්ඩුවක් නොවන බව ඉතා වගකීමෙන් කියන්න ඕන. අද හැමදේටම පාරට බැහැලා උද්ඝෝෂණ කරලා අර අවුරුදු දෙකකට අලින් නැතිවුණ ජන වරම තවමත් ඒ ගොල්ලන්ට විඳ ගන්න බෑ. ඒ නිසා කෙටි මාර්ග හොයනවා කොයි විදියකින් හරි ජනතාව නොමග ඇරලා, සමහර මාධ්‍යත් උපයෝගී කරගෙන ජනතාව කොහොම හරි නොමග ඇරලා බලයට එන්න පුළුවන්ද කියලා. ඒනිසා අපි කියනවා විරුද්ධ පක්ෂය, එහෙම නැත්තම් ඒකාබද්ධ විපක්ෂය මේ කෙටි මාර්ග හෙව්වට මේ ආණ්ඩුව නිවැරැදි මාර්ගයට රට ගමන් කරවනවා. ඒනිසා 2020 වෙනක්ම් හොල්ලන්න බැරි ආණ්ඩුවක් විදියට රටට හරි දේ කරලා තමයි අපි ඊලඟ මැතිවරණයට යන්නේ කියලා ප්‍රකාශ කරනවා.”

“මාධ්‍ය ආයතන උපරිම ලෙස ලබා දෙන්න තමයි අපි හැමවිටම කටයුතු කරන්නේ. හැබැයි මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් දැන ගන්න ඕන හැමවිටම රටට හරි දේ කරන්න. උපරිම නිදහස තිබුණා කියලා ඒක වල් බූරු නිදහසක් කර ගන්නේ නැතුව රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ සත්‍ය තොරතුරු. එම නිසා තමන්ගේ න්‍යාය පත්‍ර නැතුව ඇත්ත ජනතාවට ලබා දෙන එක තමන්ගේ යුතුකමක් කියලා.”

Gayantha Karunathilaka

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here