පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

0

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද රට ඉදිරියේ නිර්මාණය වෙමින් පවතින  බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) ඔහු විසින් සිරගතව සිටින විටදි රචනා කරන ලද ‘යදමින් බැඳී අක්ෂර’ නම් ඌ කෘතිය එලි දැක්වීමේ උත්සවයේදි සභාව අමතමිනි.

කෘතියේ මුල් පිටපත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්විය.

මෙහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“මල්වතු මහවිහාරයත්, අස්ගිරි මහවිහාරයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක්‍රියාදාමය වහාම නවත්වන්න කියලා කාරක සංඝ සභා දෙකම ආණ්ඩුවට අන්තුරු ඇගෙව්වා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා කොහොමද ඒකට ප්‍රතික්‍රියා දැක්වූයේ, ඔහුට ප්‍රශ්නේ මල්වතු අහනායක හාමුදුරුවොත් රටේ නැති වෙලාවක, අස්ගිරි මහනායක හාමුදුරුවොත් රටේ නැති වේලාවක උන්වහන්සේලා දෙනමගේ පින්තූර මුල් පිටුවල දාලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදාමය නවත්වන්න කියලා ශීර්ෂපාඨයක් පත්තරවල හැදෙන්නේ කොහොමද කියන එක. දැන් ඔහොම බලනකොට බුදුහාමුදුරුවන්ගේත් පින්තූරේ දාන්න බෑ, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් අහන්න ඕන දැම්මට කමක් නැද්ද කියලා. උන්වහන්සේලා දෙනමගේ පින්තුරේ තිබ්බම තමයි මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව ඇතුළු සමස්ථ නිකාය නිරූපනය වෙන්නේ. ඒකට වික්‍රමසිංහගේ පින්තුරේ දාලා වැඩක් නෑ.”

“ඊට පහුවෙනිදාම මාධ්‍ය සාකච්ඡාවක් කැදවලා මේ ප්‍රවෘත්තිය දාපු මාධ්‍ය ආයතන වලට බනින්න පටන් ගත්තා. අගමැති කොහොමද එහෙම කියලා නෑ කියලා කියන්නේ. අගමැති මල්වතු කාරක සංඝ සභාවේද? සංහිඳියාව හදනවා කියලා බණ කියමින් ඉතිරිවෙලා තියන සංහිඳියාවත් මරා දාන ව්‍යවස්ථා කෙටුම්පතක් තමයි ද අපි ඉදිරිපිට සාකච්ඡා වෙන්නේ. ඒවගේ භයානක අපරාධයක් කරනකොට අත උස්සන්නේ නැතුව ඉන්න මන්ත්‍රිවරු 76ක් වත් නැත්නම් එහෙම 76ක් නැති පාර්ලිමේන්තුවකින් කොස් කොටන්නද? නැත්නම් පහුවෙනිදා ඔය පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරලා දාන්න ඕන. නීතියෙන් මේරට බෙදන එක නතර කරන සටනේ නායකත්වය ගන්න වෙන්නෙත් යුද්ධ කරලා රට බෙදන එක වළක්වපු නායකයාටම තමයි.”

Wimal Weerawansa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here