අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

0

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක ඊයේ (22) පෙරවරුවේ මුණ ගැසුණු අවස්ථාවේදිය.

“ඊයේ අගමැතිතුමා ඉදිරියේ අස්ගිරි අනුනායක හාමුදුරුවෝ හොද කතාවක් කළා. අපි කෙලින් ඉන්න ඕන. ව්‍යසනයක් වෙනකොට භික්ෂූන් වහන්සේ තමයි එලියට ආවේ. දැන් භික්ෂූන්වහන්සේලා එලියට එනකොට ගරහනවානේ. අපිට වැඩක් නෑනේ. ඔබතුමත් විනාශ වෙලා, මමත් විනාශ වෙලා රටත් විනාශ වෙනවානේ. මේවා ටිකක් හිතන්න එපැයි. එහෙම හිතන්නේ නෑ. මේ ගොල්ලන් සෙල්ලම් කරනවා රටත් එක්ක. වෙන අයගේ පස්සෙන් ගිහිල්ලා බලය අල්ලගෙන ඕකටනේ දගලන්නේ. අනික තමන්ට ලැබිච්ච බලයක් නෑනේ. මටත් මේක පිනට ලැබිච්ච එකක් ඒනිසා මම මේකෙන් යම්කිසි සේවාවක් කරන්න ඕන කියලා එහෙම හිතන්නේ නැහැනේ. අරහෙන් හොරකම් කරනවා. මෙහෙන් හොරකම් කරනවා. බැංකු මංකොල්ල කනවා. ඕවා තමයි කරන්නේ.”

“පළාත් පාලන මැතිවරණයත් මේ ගොල්ලෝ කල් දා ගන්නවා. මොකක් හරි සූත්තරයක් කරලා. මිනිස්සුත් බලාගෙන ඉන්නවා කවද්ද මේ කරුමෙන් බේරෙන්නේ කියලා. තිබිච්ච කරුමෙට වැඩියව් එන එකක් ගෙනල්ලා ගොඩ ගහ ගත්තා. ඒක ඊට එහා කියලා. ෆෙඩරල් තමයි ඉල්ලන්නේ. ඔය ව්‍යවස්ථාවෙන් නම් නැති ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. දැන් එන්. ජී. ඕ කාරයෝ තමයි රට ගෙනියන්නේ. ඒ ගොල්ලෝ නැති දේවල් මවා පාලා තමයි මේ රට ගත්තේ දැන් කරගන්න බැරුව ඉන්නේ,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here