“ඔරුමිත්තනාඩු” යනු ප්‍රාන්ත රාජ්‍ය කිහිපයකින් සමන්විත රාජ්‍යයක්…ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් රජයට ප්‍රශ්න 12ක්

2

යෝජිත නව ව්‍යවස්ථාව වෙනුවෙන් යෝජනා වී ඇති යෝජනාවලියේ “ඒකිය” වචනය යන්න වෙනුවට ද්‍රවිඩ පරිවර්ථනයේ සඳහන් “ඔරුමිත්තනාඩු” යන වචනය මගින් හැදින්වෙන්නේ ප්‍රාන්ත කිහිපයකින් සමන්විත රාජ්‍ය යන්න බවත් එමගින් ගැටළුකාරි තත්ත්වයක් ඇති හැකි බවට ජනතාව දැනුවත් කිරීමට තීරණය කළ බවත් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා පවසනවා.

නීතිඥවරයා මේ බව සඳහන් කළේ අද (23) රැස්වූ නීතිඥ සංගමයේ විශේෂ සභා රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඒකිය රාජ්‍ය කියන මතයට යම් පහරක් දමිළ බාසාවෙන් ඉදිරිපත් කර තිබෙන “ඔරුමිත්තනාඩු” කියන වචනය නිසා ඇති වෙනවා කියන තර්කය අපගේ සාමාජිකයන්ට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අදාළ වචනය බැලුවම සිංහල වචනයේ තේරුම නෙමෙයි දෙමළ පරිවර්තනයේදි දක්නට ලැබෙන්නේ. ඔරුමිත්තනාඩු කියන්නේ ප්‍රාන්ත රාජ්‍ය කිහිපයකින් සමන්විත රාජ්‍යයක් කියන අර්ථය.  වචනයේ වෙනස අපගේ නීතිඥ පිරිස ජනතාවට දැනුම් දෙනවා මෙමගින් ගැටළුකාරි තත්තවයක් ඇති වෙනවා. මෙය අවධාරණය ලක් කළ යුතු කරුණක් විදියට අපි සලකනු ලැබුවා.” ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.

අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් රටට නොමැති අවස්ථාවක මෙවැනි ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණ කුමක්ද යන්නත්, එමඟින් රටේ භෞමික අඛණ්ඩතාවටත් රටේ ස්වෛරීත්වයටත් එල්ල විය හැකි තර්ජනය කෙබඳුද යන්නත් ගැන සංගමයේ දැඩි අවධානය යොමු කළ යුතු බව කමිටු රැස්වීමේදී සාමාජිකත්වය දැඩි ලෙස අවධාරණය කළ බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් රජය වෙත වහාම පිළිතුරු අපේක්ෂා කරමින් ඉදිරිපත් කොට ඇති යෝජනා මෙසේය.

1. අලුත් ව්‍යවස්ථාවක වුවමනාව හෝ අවශ්‍යතාව කුමක්ද?

2. (අ) ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වශයෙන් පවත්වාගෙන යන්නේද?

(ආ) එසේ පවත්වාගෙන යන්නේ නම් ඒ කුමන සංකල්පයක් මතද?

3. යෝජිත ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට කුමන බලාධිකාරයක් පැවරෙන්නේද?

4. (අ) යම් අවස්ථාවකදී අවශ්‍යතාවක් පැනනැඟුණහොත් (නිදසුනක් වශයෙන් උතුරු-නැඟෙනහිර මහ ඇමැතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් විසින් එම දෙපළාත “වෙනම රාජ්‍යයක්” වශයෙන් ප්‍රකාශයට පත් කළ අවස්ථාව බඳු අවස්ථාවක් එළැඹුණොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට මධ්‍යම රජයට හෝ පාර්ලිමේන්තුවට බලයක් තිබේද?

(ආ) එසේ නම් එලෙස මැදිහත් විය හැක්කේ කුමන ආකාරයකින්ද?

5. අදාළ වන්නා වූ අවස්ථාවකදී පළාත් සභාවක් සම්බන්ධයෙන් නීතියක්, ආඥාවක් පැනවීමට ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයාට බලයක් තිබේද?

6. විධායක ජනාධිපති බලතල අහෝසි කරන්නේද?

7. (අ) අධිකරණ පද්ධතිය කුමන ආකාර වේද?

(ආ) 1. ව්‍යවස්ථා අධිකරණයක් පිහිටු වන්නේද?

2. එසේ පිහිටුවන්නේ නම් එම ව්‍යවස්ථා අධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කෙරෙන්නේ කුමන පදනමක් මත කවුරුන් විසින්ද?

8 (අ) ශේ‍ර්ෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සිදුකරන්නේ කුමන ආකාරයකින් කවුරුන් විසින්ද?

8 (ආ) 1. ඒ සඳහා නියමිත ක්‍රියාදාමයක් වේද?

2. එසේ ඇති නම් ඒ කුමන ක්‍රියාදාමයක්ද?

9. උපරිමාධිකරණ විනිසුරුවරුන් ඉවත් කිරීමේ ක්‍රියාපිළිවෙළ කෙසේද?

10. දිවයින පුරා අධිකරණයන්හි දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් පත් කිරීම හා මාරු කිරීම හා විනය පිළිබඳ කටයුතු කිරීමත් අධිකරණ සේවා කොමිසමට පමණක්ම පැවරේද?

11. (අ) විනිශ්චයට ලක්විය යුතු මූලික අයිතිවාසිකම් මොනවාද?

(ආ) ඒවා විනිශ්චය සඳහා කුමන අධිකරණ සඳහා බලය පැවරේද?

12. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් නීති කෙටුම්පතක් අනනුකූල වන්නේදැයි විමර්ශනය කිරීමේ බලය (යම් සීමිත කාල රාමුවක් තුළ) අධිකරණයට හිමි වේද?

 

 

2 COMMENTS

  1. You maү play it anytime you want.? DaԀdy answered. ?Becauѕe talking abⲟut how

    great God is makes him ϲomfortable and its worship. Play it earlieг than you fall asleep

    tonight and ᴡhen you get up in the morning and God ѕgall be close to you

    all day long.

  2. You can even replace your chosen MP3 music with one of these

    to ensure even if you’re about the gym, you are able to still understand interesting

    points from the book or listen on the docs from perform you need

    to examine. These guides permit you to practice when you are

    prepared and have the time to do so. Here it is possible to

    shop by theme or browse a complete range of themes should you be sill unsure

    about what to base the party.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here