අලි ගන්න ගණුදෙනු බෑ …රුපියල් කෝටි 26 .5 අලි කතාවට දියවඩන නිළමේ පිළිතුරු දෙයි

4

ලෝකයේ පවතින ජාත්‍යන්තර සම්මුතින් හා සත්ව නීතිය අනුව රටකින් රටකට හෝ සත්වෝද්‍යානයකින් සත්වෝද්‍යානයක අලි ඇතුන් ලබා ගත හැක්කේ හුවමාරු කිරීමක් හෝ පරිත්‍යාග කිරීමක් වශයෙන් බවත් ඒ සඳහා ගණුදෙනුවක් සිදු කළ නොහැකි බවත් ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

2007 වසරේදී ශ්‍රි දළදා මාලිගාවට රුපියල් කෝටි 26 .5 ක් වියදම් කොට මියන්මාරයෙන් ඇතුන් මිලදි ගැනීමේදි සාමාන්‍ය වෙළඳ පොලේ පවතින මිලට වඩා විශාල ලෙස වැඩි මුදලක් ගෙවා ඇති බව පවසමින් ඒක පුද්ගල කම්ටු වාර්තාවක චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් දියවඩන නිලමේ වරයා මේ බව සඳහන් කර සිටියා.

“මම ශ්‍රි දළදා මාලිගාවේ දිය වඩන නිළමේවරයා වශයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා දළදා මාලිගාවේ අරමුදලෙන් කිසිදු මුදලක් මෙම මියන් රාජා හා බුරුම රාජා මිලදි ගැනීමට වැය කර නොමැති බව. නමුත් පරිත්‍යාගශීලින් විසින් මෙම සතුන් දෙදෙනාට වටිනාකමක් අදාළ ලියකියවිලි වල සටහන් කර තිබුණා. ඒ ලියකියවිලි වලින් උපුටාගෙන තමයි මේ සතුන් වෙනුවෙන් මුදල් වැය කර තිබෙනවා කියන එක සමාජ ගත කිරීමට යම් පුද්ගලයන් ගත්ත උත්සහයක ප්‍රතිඵලයක් එදා 2008 දි සිදු වුණා. එය නැවතත් ඉස්මතු වීමක් ලෙස මම සඳහන් කරන්න කැමතියි මේ අවස්ථාවේදී,” ඔහු සඳහන් කර සිටියා.

අලියෙක් ගේන්න අලි ගේමක් දීලා – පසුගිය රජයේ අලි වංචාවක් එලියට

 

4 COMMENTS

  1. Right here is the perfect website for anybody who would like to understand this topic.

    You know a whole lot its almost tough to argue with you (not that I really

    would want to…HaHa). You definitely put a brand

    new spin on a topic that has been discussed for many years.

    Wonderful stuff, just excellent!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here