පුත්තලම කුණු වෙන පුත්තලමේ කුණු

0

පුත්තලම නගර සභා බල ප්‍රදේශයට අයත් පුත්තලම පැරණි මන්නාරම් මාර්ගයේ සහ පුත්තලම නගරය කේන්ද්‍රකර ගනිමින් ස්ථාන කිහිපයක අවිධිමත් ලෙස ඉවක් බවක් නොතකා  කසළ බැහැර කිරීම නිසාවෙන් මේ වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් උද්ගතවී ඇති බවට ජනතාව මැසිවිලි නගති.

පුත්තලම පැරණි මාන්නාරම් මාර්ග දෙපස 1 කණූව, 2කණුව,සෝල්ටන්, ලුණු ලේවාය, මනල්තිව්, 4 කණුව වැනි ස්ථාන කිහිපයකදී මෙලෙස අවිධිමත් ලෙස කසළ බැහැර කර ඇති ආකාරය දක්නට ලැබේ.

මේ දිනවල පුත්තලමට බල පා ඇති වර්ෂාපතනයත් සමග මෙලෙස තැනින් තැන කසළ බැහැර කිරීම නිසාවෙන් නුදුරේදීම මැසි මදුරු ව්‍යසනය නැවතත් හිස ඔසවමින් සිටින බව කිව යුතුව තිබේ.

රටේ ඩෙංගු රෝගය පිළිබද මහා වංශයෙන් කතා ගොතද්දි ඒවාට පිළියම් සොයද්දි කසළ වලින් පිරි පුත්තලමට අත්ව ඇති ඛේදණීය ඉරණම පිළිබද සොයා බලන්නට ජගතෙකු සමත් නොවීම නිසාවෙන් නුදුරේදීම මදුරුවෙකුට ජීවිත බිලි පූජාව සදහා මං පෙත් විවිර වන්නේ නොමිනිස් ක්‍රියායාරකමක වක්‍ර ප්‍රතිඵලයක් නිසාවෙනිත

මෙලෙස තැනින් තැන කසළ බැහැර කිරීම නිසාවෙන් මැස්සන්ගේ වර්ධන වේගය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම නිසාවෙන් පාචනය වැනි බෝවීමේ රෝග වැළදීමේ ප්‍රවණතාවය දිනෙන් දින ඉහළ යාමේ දැඩි අවධානමක් දක්නට ලැබෙන බවට ජනතාව මැසිවිලි නගති.

මෙම මාර්ගය දෙපස කසළ බැහැර කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග නොගැනීමත්, නගර සභාව අදාළ කසළ විධිමත් ලෙස කළමණාකරණය නොකිරීමත් නිසාවෙන් මෙම ගැටළුකාරි තත්ත්වය උද්ගතවී ඇති බව කියයි.

මෙලෙස බැහැර කර ඇති කසළ ප්‍රභේදයන් අතර, බහුතරයක් දක්නට ලැබෙන්නේ. නොදිරන ඝණයට අයත් පොලීතීන්, යෝගට් බදුන්, ටින්,  ටයර්, ඉටි රෙදි, බේසන් වැනි මදුරුවන් බෝවිය හැකි ඝණ අප ද්‍රව්‍යයන් බව එහි ගිය අපට දක්නට ලැබේ.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here