අපේ ගමනට හරස් කපන අය යට කරගෙන පොඩි කරගෙන අපි යනවා – පිස්සෝ වාචාල දෙඩෙව්වට අපිට වැඩක් නෑ

2

පිස්සෝ වාචාලකම් දෙඩෙව්වාට යහපාලන රජය 2015 දි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම අත නොහරින බව ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කර සිටිනවා.

ඊයෙ (29) කොළඹ දි පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“පිස්සෝ වාචාල දොඩවනවා. සමහරු කියනවා පාර්ලිමේන්තුවට බෝම්බ දානවලු. ඒ කියන කට්ටියට අපි දන්නවා බෝම්බයක් තියා ඩප්පියවත් අත ගාගන්න හයියක් නෑ. තවත් හමුදාවේ හිටපු මිනිහෙක් කියලා තියනවා වෙඩි තියනවා කියලා. විහිලුවකට හරි ජනතාවගේ පැත්තට තුවක්කුව හරවනවා කියලා කිව්වොත් ගෞරවනීය ජනතාව ඒ ගොල්ලොන්ට උත්තර දේවි. ඒවා තමන්ගේ පැත්තට හරවා ගන්නවා නම් ප්‍රශ්නයක් නෑ, හැබැයි ජනතාවගේ පැත්තට හරවන්න ආවොත් ඒ ගොල්ලන්ට පිලිතුරු දෙන්න අපි පෙළ සැදිලා ඉන්නවා.”

“අපි 2015 ජනතාවට දුන්න පොරොන්දු අලුත් ව්‍යවස්ථාවක් හරහා රටට කරන්න යන සේවය, සංහිදියාව, රටේ සියළු දෙනාටම ආරක්ෂාව සහිතව ජීවත් වෙන්න පරිසරයක් ගොඩ නැගීම, මේ යන ගමනට අකුල් හෙලන්න කකුලෙන් හදන්න හැදුවත්, සමාජයේ මොන තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඒකට බාධාවක් විදියට හිටියොත් අපි යන ගමන ඒ අය යට කරගෙන, පොඩි කරගෙන ඉදිරියට යනවා. අපිට සියලුම ආගමික නායකයන්ගේ ආශිර්වාදය තියනවා. මහනායක හිමියන්ගේ, ජනතාව පිළිගත් ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය අපිට තියනවා.” අමාත්‍යවරයා පැහැදිළි කර සිටියා.

Sarath Fonseka

2 COMMENTS

  1. As a result of their hard work, Positive View’s events have received

    coverage from many global television networks and possess been streamed for online viewing.

    You don’t have to purchase the largest or heaviest tripod

    form of hosting use. You need a special connector typically called a Fire wire or sometimes known just as one IEEE 1394 high band connector.

Comments are closed.