කොළඹ නගර සභාවේ ජාතික ඇදුම, කලිසම්,කෝට් ගැලවේ….හොද සාරියක් බලය අල්ලයි

0

වර්තමාන යහපාලන ආණ්ඩුව බලය ලබා ගත්තේ අවුරුදු පහකින් එම බලය අත හැරීමට නොව, අවුරුදු 10 ක් වෙනතෙක් බලය රදවා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් ආණ්ඩු අලය තවත් පිරිසකට බාර දෙනවාද යන කාරණය පවා කල්පනා කර බැලිය යුත්තේ ද 2025 දි බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ ගමන අපි නවතින්නේ නෑ. අපි 2020 දි ආපහු ආණ්ඩුවක් හදනවා. අහපල්ලා මේ ආණ්ඩුව ගත්තේ අවුරුදු පහකින් ආපහු දෙන්න නෙමෙයි. අවුරුදු 10ක් ගිහිල්ලා අපි කල්පනා කරලා බලනවා මොකද කරන්නේ කියලා. එතකොට මේ රට හදලා ඉවරයි මතක තියා ගන්න. මේ කොළඹ නම් ගේම් එකක් නෑ. අපිට මේ සැරේ නගරාධිපති පුටුවට එන්නේ සාරියක්. මෙච්චර කල් හිටියේ ජාතික ඇදුම කලිසම් කෝට්, ඒත් මේ දෙනවා හොද සාරියක්. ඒ රෝසිත් එක්ක මේ සටන අපි ඉස්සරහට ගෙනියනවා. අපිට දිනන්න අමාරු නෑ සහෝදරවරුණි. අපි හැම තැනකම දිනනවා. අපි පුළුවන් තැන් වල පක්ෂ දෙකම එකතු කරලා එක සංකේතයෙන් එනවා. ඒ පුළුවන් තැන් වලත් අපි දිනනවා. ඒහෙම ඇවිල්ලා අපි මේ සටන ජයග්‍රහණය කරනවා,” අමාත්‍යවරයා පවසා සිටියා.

Rajitha Senaratne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here