මේ ලියවිල්ල සම්පූර්ණ ලියවිල්ලත් නෙමෙයි අවසාන ලියවිල්ලත් නෙමෙයි

0

1948 නිදහස ලැබුණු දිනයේ සිට ප්‍රධාන පක්ෂ දෙක අනවශ්‍ය වේලාවට අවශ්‍ය දෙයට විරුද්ධ වීම නිසා රට තිස් අවුරුදු යුද්ධයකට ඇද ගෙන ගිය බවත් එම කාරණය ප්‍රමාද වී හෝ තේරුම් ගැනීමේ කාලය එළඹි ඇති බවත් මහමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමණ් කිරිඇල්ල පවසනවා.

අද (31) පාර්ලිමේන්තුවේදි පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවන් පිළිබඳව විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ විවාදය ඓතිහාසික විවාදයක්. අපේ රටට නිදහස ලැබුනයින් පස්සේ අපි බණ්ඩාරනායක මැතිණීයගේ හා ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ කාලයේ දෙවතාවක් ව්‍යවස්ථාව සම්මත කෙරුවා. නමුත් ඒ සෑම අවස්ථාවකදිම සමහර පක්ෂ ඒ කි‍්‍රයාදාමයට සහභාගි වුණේ  නැහැ. විශේෂයෙන් ද්‍රවිඩ පක්ෂ. මේ අවස්ථාව තමයි ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායක සභාවක් බවට පරිවර්තනය වෙලා පාර්ලිමේනතුවේ ඉන්න සියළු පක්ෂ, සියළු ජාතින් මේසයක් වටේ වාඩිවෙලා මේ අතුරු වාර්තාව සකස් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක ඓතිහාසික අවස්ථාවක්. රටේ 30‍% ක් ඉන්නේ ද්‍රවිඩ භාෂාව කථා කරන අය. 70% ක් සිංහල කථා කරන අය. සියළු ජාතින් එකතු වෙලා හදන මේ ලියවිල්ල සම්පූර්ණ ලියවිල්ලත් නෙමේ අවසන් ලියවිල්ලත් නෙමේ.  අද ඉදිරිපත් කරලා තියෙන්නේ සෑම පක්ෂයකින්ම ඉදිරිපත් කළ යෝජනා පමණයි.  ව්‍යවස්ථාදායක අවශ්‍ය පරිදි ඉදිරියට මේක සංශෝධනය කරන්න පුළුවන්. එතකොටයි අවසන් කෙටුම්පත එන්නේ.  අද සමහරු පුවත්පත් වලට විවිධ ප‍්‍රකාශ කරනවා මේක අවසන් ලියවිල්ල කියලා හිතලා. නමුත් මේක අවසන් ලියවිල්ල නෙමෙයි.”

“යුද සමයේදි මහින්ද රාජපක්ෂ මහතා විශේෂයෙන්ම ඉන්දියාව සනසන්න  ඕන නිසා 13ට වඩා වැඩි යමක් දෙන්න  ඕන කියලා කිව්වා.මම මේ ලිපිය සභාගත කරනවා. 13ට වැඩියෙන් යමක් දෙන්න  ඕන කියලා ඉස්සෙල්ලම කථා කලේ හිටපු ජනාධිපතිතුමා.වෙන කවුරුවත් නෙමෙයි. මොකද ඉන්දියාව මේ යුද්ධයට විරුද්ධ වුණානම් යුද්ධය අවසන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ.ඒ නිසා ඉන්දියාව කැමතිකරගන්න ඔහු පැහැදිලිව කිව්වා මම 13ට වැඩි යමක් දෙන්න සුදානම් කියලා.යුද්ධය අවසන් වුණා. ඊට පස්සේ පුවත්පත් කලාවේදින් ඔහුගෙන් ඇහුවා 13+ කෝ කියලා. ඔහු මොකක්ද කිව්වේ. ලංකාදීප පත්තරේ මා ගාව තියෙනවා. 13වන සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමක් මම ලබාදෙනවා. මං ඒක සභාගත කරනවා.  Sunday Leader පුවත්පතේ පළ වු ලිපියක සිංහල පරිවර්තනය පාර්ලිමේන්තුව යෝජනා කරන  ඕනම විසදුමක් පිළිගන්න සුදානම් මේ හිටපු ජනාධිපතිතුමා කිව්වේ.”

“ඉතින් ගරු කථානායකතුමනි, හිටපු ජනාධිපතිතුමා අද මේ සභාවේ ඉන්නවද නැද්ද කියලා මට කියන්න බැහැ. ඔහු අද කියනවා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා.නමුත් ඔහු තමයි ඉස්සෙල්ලම කිව්වේ අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. 13+ දෙන්න  ඕන. ඒක මට දෙන්න බැහැ.ඒක පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකින් කියන්න ඕන කියලා. හැබැයි ඔහුට මොකක්ද වුනේ.ඔහුට බැරිවුනා තේරීම්කාරක සභාවක් පත්කරගන්න. පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු අය දන්නවා ඔහු තේරීම්කාරක සභාවක් පත්කරන්න ගියාම පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ කිව්වා ඔබතුමාගේ තේරීම්කාරක සභා ගැන අපිට විස්වාසයක් නැහැ කියලා. මොකද එතුමා කාරක සභා ගණනාවක් පත්කළා.
තිස්ස විතාරණ කොමිසම වගේ කමිටු දෙක තුනක් පත්කළා.ඒ ඒ වාර්තා සියල්ල එතුමා කුණුබක්කියට දැම්මා. එතුමාට නව ව්‍යවස්ථාවක් හදන්න වුවමනාව තිබ්බා නමුත් ඒක කරගන්න බැරිවුණා. එතුමා කිව්වා නව ව්‍යවස්ථාවක්  ඕන කියලා. එතුමා කිව්වා 13 මදි 13ට වඩා වැඩියෙන් දෙන්න  ඕන කියලා. නමුත් ඔහුට ඒක කරගන්න බැරිවුණා මොකද පාර්ලිමේනතුවේ හිටපු පක්ෂ කිව්වා ඔබතුමාගේ තේරීම්කාරක සභා වලට එන්නේ නැහැ ඒවා කල්මරන වැඩ කියලා.”

“යහපාලන ආණ්ඩුව ආවයින් පස්සේ අපට පුළුවන් වෙලා තියෙනවා අපේ රටේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සිය`එ පක්ෂ මේසයක් වටේ වාඩිවෙලා ශිලාචාර ආණ්ඩුවක් හැටියට මේක සාකච්චා කරන්න.”

“කතානායකතුමනි, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන මේ යෝජනාව ගැන විවිධ ප‍්‍රකාශ විවිධ අර්ථ නිරුපණ තියෙනවා. මේ අතුරු වාර්තාවේ පැහැදිලිව බුද්ධාගමට ලැබියයුතු ප‍්‍රමුඛස්ථානය ලැබෙනවා.අපිත් බෞද්ධයෝ අපිටත් වුවමනාව තියෙනවා බෞද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන්න.ඒ නිසා බෞද්ධාගමට ලැබෙන තැන ආරක්ෂා කරන්න අද අපි කැප වි සිටිනවා. අද ව්‍යවස්ථාවේ තිබෙනවා බෞද්ධාගම ආරක්ෂා කරන වගන්තියක්. අපිට ඒ වගන්තිය වුනත් පාවිච්චි කරන්න පු`එවන්.ඒ වගන්තිය සියළු දෙනාම පිළිඅරන් තියෙනවා.මං ඒක කියවන්නම්, ශ‍්‍රි ලංකාවට බුද්ධාගමේ ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10වෙනි ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාව පළවෙනි අනු ව්‍යවස්ථාව  ඉ ඡේදයෙන් සියළුම ආගම් වලට ලැබෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරිම රජයේ වගකීම වියයුත්තේය. ඉතින් සභාව කැමතිනම් දැන් තියෙන වගන්තියම පාවිච්චි කරන්න පුළුවන්.කැමතිනම් ඒක වෙනස් කරන්න පු`එවන්. ඉතින් මේක ගැන අර්බුදයක් නැහැ.”

“හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා තේරීම්කාරක සභාවෙන් ලබාදෙන  ඕනම විසදුමක් පිළිගන්න සුදානම්.ඉතින් ඊට වඩා මොනවද.ජනපති පුවත්පත් කතුවරුන් හමුවේ කියයි.මේක ලංකාදීප පත්තරේ තියෙන්නේ. 2016-06-29 වෙනිදා.දැන් එතුමා කියනවා ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියලා.එතුමගේ ගෝලබාලයොත් කියනවා.ඉතින් මේක අදහගන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂයේ හිතවත් රඹුක්වැල්ල මැතිතුමා ඉන්නවා.බලන්න මේක. ඉතින් අපි විසදුමක් දෙනවා.තමුන්නාන්සේලා මේකට සහයෝගය දෙන්න.ඉතිහාසයට එක්වන්න. අපිට නිදහස ලැබුනු දා ඉදලා ප‍්‍රධාන පක්ෂ දෙක අනවශ්‍ය වෙලාවට විරුද්ධ වුණ නිසා තමයි මේ රට තිස් අවුරුදු යුද්ධයකට ඇද ඇද ගියේ. දෙගොල්ලම. මම කියන්නේ නැහැ එක පක්ෂයක් කියලා. දැන් බලන්න 1950 ගණන්වල මොනවද දෙමළ ජනතාව ඉල්ලූවේ .භාෂා අයිතිය ඉල්ලූවේ.ඒක දෙනවටත් විරුද්ධ වුණා. බණ්ඩාරනායක අගමැතිතුමාගේ නිවස ඉදිරියට ගිහිල්ලා ඉරුවා.භාෂා අයිතිය දුුන්නේ නැහැ.ඉතින් ප‍්‍රමාද වෙලා හරි අපි මේක තේරුම්ගන්න  ඕන.රඹුක්වැල්ල මැතිතුමාගෙන් මං අහනවා ඔබතුමා කැමතිද ඔබතුමාගෙ දරුවට මේක ඉතිරි කරලා යන්න. එම නිසා පටු දේශපාලන වාසි ගන්නැතුව අපි මේ ප‍්‍රශ්නය අවසන් කරමු.”

“ඒ වගේම කථානායකතුමනි, ඒකීය රාජ්‍ය සංකල්පය මේ යෝජනාවලින් ආරක්ෂා වෙනවා.ඒකීය රාජ්‍ය කියන වචනය අපේ යෝජනාවල තියෙනවා.අවසන් කෙටුම්පතෙත් අපි ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒකීය රාජ්‍යට කිසිම හානියක් නැහැ.අනිත් එක මේ යෝජනාවල අඩුපාඩු තියෙනවානම් ඒවා වෙනස් කරන්න පුළුවන්.අපි කියන්නේ  නැහැ මේක අවසන් යෝජනාව කියලා.”

“ඒ වගේම දැන් ඉඩම් ගැන ප‍්‍රශ්න ඇති කරනවා.ඉඩම්වල අයිතිය පළාත් සභාවලට නැහැ.අපි ඉඩම්වල අයිතිය සම්පූර්ණයෙන්ම දෙන්නේ ඉඩම් කොමිසමකට.ඉඩම් කොමිසමක් පත් කරනවා මුළු ලංකාවටම. මේ ඉඩම් කොමිසමට මුළු ලංකාවේම තියෙන හැම ඉඩමක්ම අයිතියි කථානායකතුමනි. පළාත් ඉඩමුත් අයිති ඉඩම් කොමිසමට. එතකොට යම් පළාතක ඉඩම් බෙදනවානම් ගරු කථානායකතුමනි මේ ඉඩම් කොමිසමෙන් අනුමැතිය ගන්න  ඕන. මේ ඉඩම් කොමිසමට විවිධ පළාත් නියෝජනය වන කට්ටිය ඉන්නවා.ඉතින් කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. ඉඩම් අයිතිය කිව්වට අපි උතුරු පළාත් සභාවට ඉඩම් අයිතිය දෙන්නේ නැහැ නැගෙනහිර පළාත් සභාවට දෙන්නේ නැහැ.නමුත් මුළු රටම වෙලාගත් ඉඩම් කොමිසමකට ඉඩම් අයිතිය දෙනවා එතනින් තමයි ඉඩම් බෙදීම ආරම්භ කරන්නේ.”

“පොලිස් කොමිසම ගත්තොත් ඒක ස්වාධින කොමිසමක්.ඒක පත්කරන්නේ ව්‍යවස්ථාදායක සභාව.ඔබතුමා තමයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමා. ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කරන පොලිස් කොමිසමක් තමයි අපි පත්කරන්නේ. පළාත් පොලිසිය තියෙනවා නමුත් ඒ පළාත් පොලිසියට ඒ ඒ පළාත් පාලනය කරන්න අවශ්‍ය සුලු බලතල අපි දෙනවා.නමුත් මහා පරිමාණයේ බලතල සියල්ල සිද්ධවෙන්නේ පොලිස් කොමිසම යටතේ. ඉතින් ඇත්ත වශයෙන්ම ආණ්ඩුකාරවරයාට සම්පුර්ණ බලතල තියෙනවා ඒ අවශ්‍ය පියවර ගන්න ව්‍යවස්ථාව අනුව යම්කිසි පළාත් සභාවක් පටහැනිව කි‍්‍රයාකළොත්.”

“ඇයි  අපි මේක කියන්නේ.මේක විසඳපු නැති නිසා තමයි කථානායකතුමනි අපේ රට තිස් අවුරුදු යුද්ධයකට අවතීර්ණ වුනේ. අපේ අගමැතිතුමා නිතර කියන කථාවක් තමයි යුද්ධය අවසන් වෙනකොට අපේ රට හිටියේ ජපානෙට පස්සේ. ඒක ඇත්ත. මැලේසියාව සිංගප්පුරුව වගේ රටවල් හිටියේ අපට හුඟක්  පස්සේ. හැබැයි ඒ රටවල් ඉදිරියට ගියේ මොකද ඒ රටවල් ජනවාර්ගික ගැටළුව කළමණාකරණය කළා.ඒ ගොල්ලන්ගේ සම්පුර්ණ කාලය ආර්ථික දියුණුව වෙනුවෙන් යෙදෙව්වා. නමුත් අපේ අවාසනාවට අපේ රටේ හිටපු හැම පක්ෂයක්ම , මම කියන්නේ නැහැ එක පක්ෂයක් කියලා මේ ජාතික ප‍්‍රශ්නය ඉදිරියට දාලා බලයට එන්න හැදුවා. මොකක්ද වුනේ ? තිස් අවුරුදු යුද්ධයක්.. 56 ඉල්ලූවේ භාෂා අයිතිය විතරයි.අපි ඒක දුන්නේ නැහැ. භාෂා අයිතිය දුන්නේ නැතිවුනහම ඒක වැඩිවෙලා වැඩිවෙලා  අවසානයේ වෙනම රාජ්‍ය සංකල්පයකට ගියා. නමුත් ප‍්‍රමාද වෙලා හරි  අවුරුදු 60 ගාණකට පස්සේ අපිට පුළුවන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න සියළු පක්ෂ මේසයක් වටේ රැස්වෙලා කථාකරන්න. නිදහස ලැබෙනකොට සිංගප්පුරුව මැලේසියාවේ නායකයෝ මොකක්ද කිව්වේ. අපිට  ඕන ශි‍්‍ර ලංකාවක් වගේ වෙන්න කියලා. ඔබතුමා දන්නවද මැලේසියාවේ රේල්ලූව සම්පුර්ණයෙන්ම හැදුවේ යාපනේ ඉංජිනේරු මහත්වරු. ඒ වගේ අනාගතයක් අපට තිබුණා.ඇයි අපි මේක නැතිකරගත්තේ.ජාතිය ආගම ඉස්සරහට දාලා බලය ලබාගන්න.අපි අදවත් ඒක නවත්වමු ඒකයි අපි කියන්නේ.”

“මහින්ද රාජපක්ෂ මැතිතුමාට නව ව්‍යවස්ථාවක් හදන්න තේරීම්කාරක සභාවක් හදන්න බැරිවුණා. එතුමා පත්කෙරුවානම් අපි ඒකට සහය දෙනවා.නමුත් ද්‍රවිඩ පක්ෂ සහභාගි වුනේ නැහැ. මොකද හේතුව 2005 ඉදන් විවිධ කමිටු හදලා රස්තියාදු කෙරෙව්වා.ඉතින් මේක හොද අවස්ථාවක්. මා කලින් කිව්වා වගේ අද පාර්ලිමේන්තුවේ ඉන්න සියළු  පක්ෂ , මං ප‍්‍රණාමය පුද කරනවා සම්බන්දන් මැතිතුමාට එතුමා සාකච්චා 80 ගාණකට සම්බන්ධ වුණා.දිනේෂ් ගුනවර්ධන මැතිතුමාටත් මං ස්තූතිවන්ත වෙනවා එතුමත් මේවට සහභාගි වුණා. මෙතුමා මල්වත්තේ මහානායක හාමුදුරුවෝ හම්බවෙන්න ගියාම මහානායක හාමුදුරුවෝ ඔබතුමාට උපදෙසක් දුන්නා.මේකේ ඇතුලේ ඉදලා මේකේ අඩුපාඩු හදාගන්න.. එච්චරයි කරන්න  ඕන කියලා .  ඒ නිසා මං විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේක පැහැර හරින්න එපා .අපට ශී‍්‍ර ලාංකීය අනන්‍යතාවයක්  ඕන. සිංහල දෙමළ මුස්ලිම් කි‍්‍රස්තියානි කියලා හිතන්නැතුව ශි‍්‍ර ලාංකීය අනන්‍යතාවයක් බිහිකරන්න ඔබසැමගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”

Lakshman Kiriella

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here