ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා නාවුක හමුදාපති අතර හමුවක්

0

නව නාවික හමුදාපති ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් එස්. එස් රණසිංහ පළමුවරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අද (31) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණගැසිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ නාවික හමුදාපතිවරයාඅතර එහිදී සුහද සාකච්ඡාවක් පැවති අතර, සාගරික ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමුකෙරිණි.

සාකච්ඡාවෙන් අනතුරුව නව ධූරයට පත්වූ වයිස් අද්මිරාල් එස්එස් රණසිංහට ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දෙමින් රට වෙනුවෙන් සේවය කිරීමට සුභපැතුම් එක්කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදාපතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here