“දිගා එක්ක හැප්පේන්න එපා අලු වෙයි…” තොණ්ඩමාන්ට පණිවිඩයක්

0

නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල නාමය වෙනස්කිරීමට එරෙහිව පසුගියදා ලංකා කම්කරු කොංග්‍රසය මගින් මධ්‍යම කඳුකරයේ නගර කීපයක පැවැත්වූ උද්ඝෝෂණයන් හෙලා දකිමින් කම්කරු ජාතික පෙරමුණේ සාමාජිකයින් පිරිසක් විසින් අද (31) ප.ව. 03.45 ට පමණ තලවාකැලේ නගරයේදී විරෝධතාවයක් පැවැත්වූහ.

මෙම විරෝධතාවය සඳහා කම්කරු ජාතික පෙරමුණේ ප්‍රාදේශීය නායකයින් හා එම පක්ෂයට සහාය දක්වන වතු කම්කරුවන් ඇතලු  පිරිසක් එක්ව සිටියහ.තලවාකැලේ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here