දැන් ඉතින් පිච් එක ලෑස්තියි. මැතිවරණ කොමසාරිස්ට තියෙන්නේ ක්‍රිකට් බැරිනම් ….ෆුට් බොල් ගහන්න

3

දේශපාලන පක්ෂ වල කොන්ත්‍රාත් බාර ගනිමින් ඕනෑකමින් පළාත් පාලන ඡන්දය කල් දැමීමට කටයුතු කළ බවට සමහර පාර්ශවයන් තමාට චෝදනා කළත් කිසිවිටක එවැනි දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට ක්‍රියා නොකළ බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කරනවා.

අද (01) පළාත් පාලන සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් පත්‍රයට අත්සන් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මුළු රටම බලාගෙන හිටපු ඒ පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව තීරණය කරන ගැසට් පත්‍රයට අත්සන් කරලා තියනවා. මගේ කර්තව්‍යය මම අවසන් කරලා තියනවා. බැටි ගැන කිව්වා, බෝල ගැන කිව්වා, මම බෝල අතගගා ඉන්නවා කිව්වා, දැන් ඉතින් පිච් එක ලෑස්තියි. මැතිවරණ කොමසාරිස්ට තියෙන්නේ බෝලයද, බැට් එකද පාපන්දුවද ගහන එකයි. සමහර උදවිය මතයක් ගෙනියන්න හදනවා ෆයිසර් මුස්තාෆා මේ ඡන්දය ඕන කමින් කල් දැම්මා කියලා දේශපාලන පක්ෂ වල කොන්ත්‍රාත් බාර ගන්න. මම කිසිසේත්මමේ ඡන්දය කල් දාන්න කොන්ත්‍රාත් බාර ගත්තේ නැහැ. මම සියළුම දේශපාලන පක්ෂ වලට සාධාරණය ඉෂ්ට කරන්න තමයි මේ කාලයක් ගත්තේ,” අමාත්‍යවරයා පවසා සිටියා.

මෙහිදි මාධ්‍යවේදීයෙක් විමසා සිටියේ ගැසට් නිවේදනය අද රාත්‍රියේදි නිකුත් කරනවාද යන්නයි. එයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

“මම එන් මේක අත්සන් කළේ ඔබතුමාලා ඉස්සරහ මාධ්‍ය සංදර්ශනයක් දාන්න නෙමෙයිනේ. ඔබතුමා මගෙන් අහනවා නම් මම මේක අත්සන් කරලා ලාච්චුවේ දාන්න හදනවා ද කියලා ද ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් හැටියට අහන්නේ. මට ඒ ගෞරුත්වයවත් දෙන්න. මම ඔබතුමාලා ගෙනල්ලා අත්සන් කරලා ලාච්චුවේ දාන්නේ නැහැනේ. ඔබතුමා අහන ප්‍රශ්නය…වපර ඇහෙන් මම දිහා බලන්න එපා….,”

Faiszer Musthapha

3 COMMENTS

  1. Mommy and Daddy hᥙgged the twins ass a гesult of it was getting time to geet to

    bed. ?Mommy tһinks the very best thing about God is

    he gave me these two little rascals and theyre the very best factor in Mommy?s

    world.?She said cuddling and tickling eah bօys. That was the

    form of factor mommies always say. The giggled and hugged Mommy

    aand had been almost able to goo to their bunk beds when Lee said.

  2. As a result of their effort, Positive View’s events have received coverage from the 3 global television networks and have recently been streamed for online viewing.

    Contestants worldwide will record songs automatically,

    or team up into virtual bands of 2 to 4 musicians, and compete for $5600 in prizes.

    The first lesson you need to learn using your online course is how to read chord

    charts.

  3. Howdy this is somewhat of off topic but I was wondering if blogs use WYSIWYG editors or if you have to manually code with HTML.

    I’m starting a blog soon but have no coding experience so I wanted to get

    guidance from someone with experience. Any help

    would be enormously appreciated!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here