මහගිරිදඹට වැටුන කුණු කන්ද ගැන පරික්‍ෂණයක්

0

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ මහගිරිදඹ ප‍්‍රදේශයට ශ්‍රි පාද උඩමලුවේ සිට හා ශ්‍රි පාද බගවාලෙන ප‍්‍රදේශයේ සිට පසුගියදා කඩා වැටුණු කැළි කසල සහ පස් කන්ද පිළිබදව ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ නිළධාරින් පිරිසක් ඊයේ (02.11) ශ්‍රිපාදස්ථානයේ සංචාරය කරමින් විශේෂ පරික්‍ෂණයක් ආරමිභ කර තිබෙනවා.

පසුගියදා ශ්‍රී පාද උඩමලුව ප‍්‍රදේශයට අඛණ්ඩව ඇදහැලුණූ ධාරානිපාත වර්ෂාවත් සමගම ශ්‍රීපාද උඩමලුවේ පහළට ගෙන ඒමට එක්රැස් කර තිබු කැළි කසල තොගයක් පහළට කඩාගෙනවිත් මහගිරිදඹ ප‍්‍රදේශයේ රැදි තිබුණා.

එසේ රැදි තිබු කැළි කසල සහ පස් ලක්‍ෂපාන යුදහමුදා කදවුරේ භටපිරිස් සහ නාවික හමුදාව නල්ලතන්නිය පොලිසිය සිවිල් ආරක්‍ෂක බලකායේ නිළධාරින් එක්ව මේ වන විට ඉවත් කර එම මාර්ගය යථාතත්ත්වයට පත් කර තිබෙනවා. එම පස්කන්ද සහ කැළි කසල කන්ද කඩා වැටිමෙන් මහාගිරිදඹ ප‍්‍රදේශයේ ආරක්‍ෂිත වැටටද දැඩි අලාභ හානි සිදුවි තිබුණා.

එම පස්කන්ද සහ කැළි කසල පහළට කඩා වැටිමෙන් පසු තවත් එවැනි අවධානමි තත්ත්වයක් තිබේද යන්න පිළිබදවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් පරික්‍ෂා කර ඇත්තේ. ඊයේ (02.11)සිදුකළ පරික්‍ෂණය සමිබන්ධයෙන් වාර්තාවක් ලබන සතියේ ලබා දෙන බව එම පරික්‍ෂණයට සහභාගිවු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරියෙක් කියා සිටියා.

2017-2018 ශ්‍රීපාද වන්දනා වාරය ලබන උදුවප් පොහෝ දිනයෙන් ආරමිභ විමට නියමිතයි.

රංජිත් රාජපක්ෂ – හැටන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here