ඒකිය රාජ්‍යයයි, ඔරුමිත්ත නාඩුයි කියන්නේ දෙකම එකක්

0

ඒකියභාවය හගවන දෙමළ වචනය වෙනස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ සුමන්තිරන් පවසනවා.

“ඒකිය ජාතියක් අවශ්‍ය ඇයි කියලා අපි සිංහල ජනතාවගෙන් අහනකොට අපිට ලැබෙන පිළිතුර තමයි රට බෙදන්න ඉඩ දෙන්න බැහැ කියන එක. ඒකිය රාජ්‍යය කියන්නේ එක රටක්. දෙමළෙන් ‘ඔට්ට්‍රිඅච්චි’ කියන වචනයේ තේරුම එක රටක් කියන එක නැත්නම් බෙදිය නොහැකි රට කියන එක. න්මුත් මෙතනදි ඒ වචනය භාවිත කරන්න බැරි. මොකද අපි පාලන ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්නේ ඒ නිසා තමයි අපි ‘ඔරුමිත්තනාඩු’ කියන වචනය යෝජනා කළේ. ඒකීය රාජ්‍ය සහ ඔරුමිත්තනාඩු කියන වචන දෙකම එකයි. මෙරටේ සියළු ජනතාවට සම පුරවැසියන් ලෙස ජීවත්වීමට හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්නේ කවදාද? එදින මෙරට සෞභාග්‍යමත් වනු ඇත” මන්ත්‍රිවරයා පවසා සිටියා.

“අප රජය සමඟ ඒකාබද්ධ වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතුවල නිරතවී සිටිනවා. මෙරටේ ජනවාර්ගික සමගිය ඇතිකිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු කාල පරි‍ච්ඡේදයක අප සිටින්නේ. මේ රටේ සන්ධාන රජයක් පිහිටුවීමට, උතුරු පළාතේ ජනතාව වැඩි දායකත්වයක් ලබාදී ඇත. එය රජය ඇතුළු සියළු දෙනා දන්නා කරුණකි. උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අප රජය සමඟ ඒකාබද්ධ වී, කටයුතු කරමින් සිටි. අනිකුත් පළාත්වලට වඩා උතුරු පළාත, සන්ධාන රජයක් පිහි‍ටුවීමට හේතුවක්ව තිබුණත්, උතුරු පළාතේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානය රජයේ හවුල්කාර පක්‍ෂයක් ලෙස එක්වී නොමැත. නමුත්, රජය විසින් සිදුකරන ඇතැම් ප්‍රගතිශීලි වැඩපිළිවෙලවල්වලට සහයෝගය ලබාදෙමින් සිටින්නෙමු. එය දේශපාලඥයින් පමණක් නොව, සියළු දෙනා දන්නා කරුණකි. ‘මෙරටේ දෙමළ ජනතාවට ස්ථීර දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය. එය ලැබෙන තුරු සහ අපගේ ජනතාවට නිසි අයුරින් බලය බෙදා දෙන තුරු අප දේශපාලන බලතලවලට ඇගිලි ගසන්නේ නොමැත’ යන ප්‍රතිපත්තියෙන් අප විපක්‍ෂයේ වාඩි වී සිටින්නෙමු” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

M. A. Sumanthiran

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here