ශ්‍රිලංනීපයට, යූඑන්පීය පොදු සතුරා වෙන්නේ ඡන්දේ ලං වුණාම……

0

එක්සත්ජාතික පක්ෂය පොදු සතුරා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිහියට නැගෙන්නේ මැතිවරණයක් ආසන්න වීම නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට සම්බන්ධ වූ බවට චෝදනා නගමින් අගුණුකොලපැලස්ස බන්ධනාගාරයේ රදවා සිටින මහජන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන්ගේ සුව දුක් විමසීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදි මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න විමසා සිටියා,

ප්‍රශ්නය; රටේ පෙට්‍රල් හිගයක් ඇති වෙලා තියනවා?

විමල් වීරවංශ මන්ත්‍රිවරයා; රටේ පළාත් පාලන මැතිවරණය ලග එනවා නේ. එනිසා දැන් ආණ්ඩුව බලනවා බාලතෙල් හරි ගෙනල්ලා අඩුවට දෙන්න. මේ බාල තෙල් ගෙන ඒමේ ක්‍රියාදාමයේ වෙච්ච අවුලක් නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ…

ප්‍රශ්නය; ඔබතුමා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් වුණා, මංගල සමරවීර මැතිතුමා කියන්නේ ඔබතුමා කෑම කාලත් ගියා කියලා?

විමල් වීරවංශ මන්ත්‍රිවරයා; ව්‍යවස්ථාදායක සභාව කියන්නේ සභා ගැබනේ සභා ගැබටනේ අපි යායුතු නැති විය යුත්තේ. සභාගැබ නැතුව පාර්ලිමේන්තු පරීශ්‍රයට එන්න බෑ කියලා එකක් නෑනේ. ඉතින් ඒ පරිශ්‍රයේ ඕන තැනක අපිට ඉන්න පුළුවන්. සමරවීරලට ඕක තේරෙන්නේ නෑ.

ප්‍රශ්නය; පළාත් පාලන ඡන්දයට සූදානම කොහොමද?

විමල් වීරවංශ මන්ත්‍රිවරයා; පළාත් පාලන ඡන්දයට අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට තරග කරනවා. ඒ සඳහා අපි අවශ්‍ය කටයුතු සියල්ල කරගෙන යනවා.

ප්‍රශ්නය; ඉසුරු දේවප්‍රිය මැතිතුමා කියනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා UNP ය. ඒකාබද්ධ විපක්ෂය නෙමෙයි කියලා?

විමල් වීරවංශ මන්ත්‍රිවරයා; ඒ ගොල්ලන්ට පොදු සතුරා යූඑන්පීය කියලා මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට. ඊට පස්සේ පොදු සතුරත් එක්ක එකට ආණ්ඩු කරනවා.

Wimal Weerawansa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here