ආණමඩුවේ රංග ශාලාව කැළයට සින්නක්කර වෙයි….අරක්කු බොන්න, බූරුවා ගහන්න, ගණිකාවො ගේන්න හාරකෝටි හැට අට ලක්ෂයක් බිල්ලට දෙයි….

0

ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයට අයත් ආණමඩුව, ගල්ගමුව මාර්ගයට මුහුණලා ආණමඩුව නගර මධ්‍යයේ සිට මීටර් 500ක් පමණ ගල්ගමුව දෙසට ගමන් ආරම්භ කරද්දි ප්‍රථමයෙන් දක්නට ලැබෙන්නේ පසු ගිය රජය සමයේ 2015 මුල් කාර්තුවේ දී පළාත් පාලන ආයෝජන මත හාරකෝටි හැට අට ලක්ෂයක වියදමින් ඉදි කිරීමට යෝජිතව තිබූ මේ සුවිශාල රංග ශාලාවයි.

මේ වන විට අදාළ රංග ශාලාවේ වැඩ අඩක් නිමවා අතර මග නවතා දැමීම නිසාවෙන් මේ වන විට එකී රංග ශාලාව ඝණ කැලෑවකින් වැසී හේතු කොට ගෙන දුෂාචාරයේ හැසිරෙන්නන් නොයෙකුත් අක්‍රමිකතා සදහා මෙම ස්ථානය තම බූදලය කරගෙන සිටින බව එහි ගිය අපට දක්නට ලැබුණි.

තැනින් තැන දමන ලද මත්පැන් බෝතල් එයට කදිම සාක්ෂියක් විය. එපමණක් නොව මෙහි රාත්‍රි කාලයේ  ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බහුතරයක් මෙහි තාවකාලිකව රැදී ඔවුන් සිය වෘත්තිය බාධාවකින් තොරව සිදුකරගෙන යන බව කියයි. එපමණක් නොව ගංජා පානයට ඇබ්බැහිවී සිටින බහුතරයක් තරුණ ප්‍රජාව රාත්‍රි කාලයේ මෙහි වාසය කිරීම පුරුද්දක් කරගෙන සිටින බව වැඩි දුරටත් හෙළිදරව් විය.

පසු ගිය රජය සමයේ 2015 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකරගෙන ගොස් අතරමග වැඩ නිම නොකර නවතා දැමීම සිදුකලේ මන්දැයි විමතියට කරුණක්ව තිබේ. නමුත් ඒ වන විටත් මෙහි වැඩ බහුතරයක් නිමකර ජනතාවට නිසි ප්‍රයෝජනයක් නොගැනීමට කටයුතු කර මෙලෙස ඝණ කැලෑවකින් ආවරණය වීමට හැර මුණිවත රැකීම රජය සතු පොදු දේපළ පරිහානියට පත්වනවා මිස එයින් රජයට හෝ මහ ජනතාවට කිසිදු අගතියක් වනවා මිස සුගතියක් වන්නේ නැත.

මෙම රංග ශාලා ගොඩනැගිල්ල තුල ආසන 2500ට ආසන්න ප්‍රේක්ෂකාගාරයක් සහිත වූ රංග ශාලාවක් අත්පන්දු ක්‍රීඩාගාරයක් මෙහි ඉදිකිරීමට වීමට යෝජිතව තිබුණි. ආණමඩුව ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේ ඉදි කිරීම් සිදු වුණූ මෙම ගොඩනැගිලි සංකීර්ණයපළාත් සභා කාලය හමාර වී නැවත පළාත් සභා බිහි නොවීම මත මෙහි සිදු විය යුතු සංවර්ධන කටයුතු අඩාල වී තිබීම පුදුමය දනවන්නක්ව තිබේ.

මහ ජනතාවගේ මුදල් මෙලෙස පරිහානියට යෑමට ඉඩ තබා ඇති ආණමඩුවේ ජනතාවගේ ලොකුවට සිහිනයක්ව තිබූ පවුල් පිටින් පැමිණ රංග ශාලාවක, ක්‍රීඩා ගාරයක රැදී නැරඹීමට තිබූ අවස්ථාව අහිමිව ගොස් ඇත.

රාජ්‍ය පරිපාලනය හෝ දේශපාලන අධිකාරියේ වගකිව යුත්තෙකු සිටීනම් මේ පිළිබද සොයා බලා සිදුව ඇති විනාශයට පිළියමක් වශයෙන් මෙය නැවත ඉදිකිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කල යුතුය එසේ නොමැතිනම් පැලැස්තර මත විකල්ප යොදවා කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව කිව යුතුය.

සටහන සේයා රූ

පුත්තලමකේ.ප්‍රියංකර

2017.11.05

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here