ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලොකුම හොරා අපි ජනවාරි 08 වෙනිදා එලෙව්වා

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වන විට නායකයන් පස් දෙනෙක් සිටි බවත් ඒ අතරින් හොර මැර කම් වංචා දූෂණ මිනීමැරුම් වලට සම්බන්ධ වුණේ එක් අයෙක් පමණක් බවත්, විශාල සටනකින් 2015 ජනවාරි අටවෙනිදා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තත්ත්වයෙන් ගොඩ ගත් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සවිධායක හිටපු පලාත් සභා මන්ත්‍රී ඩෝල්ටන් ජානක සූරිය බණ්ඩාර මහතා පිළිගැනීම පිණිස අද (05) පෙරවරුවේ වත්තල පුරහලේ පැවැති රැස්වීමක් අමතමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක එක කොටස් එක්ක නැවත සන්ධාන ගත විය යුතු යැයි සමහරු කියනවා. නමුත් හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ එක්ක සන්ධාන ගත වෙලා රට ගොඩ නගන්නත් බෑ පක්ෂය රැක ගන්නත් බෑ.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වන විට නායකයන් පස් දෙනයි. එ අයගෙන් හොර මැර කම් වංචා දූෂණ මිනීමැරුම් වලට සම්බන්ධ වුණේ එක්කෙනයි. මේ තත්වය යටතේ අපි විශාල සටනකින් 2015 ජනවාරි අටවෙනිදා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගත්තා.”

“දේශපාලනයෙන් සමු අරගෙන හිටපු මම නැවතත් ඒ සටනට උර දුන්නේ අපේ රටට පක්ෂයට වෙන විනාශය බලා ගෙන ඉන්න බැරුව. ඒ අනුව අපේ රටත් පක්ෂයත් නැවත පරිහානියට පත් කරන්න ඉඩ දෙන්න බෑ.”

“පළමුව රට දෙවනුව පක්ෂය කියන ස්ථාවරයෙයි අප සිටිය යුත්තේ. පසුගිය කාලයේ අපි එක්සත් ජාතික පක්ෂය, සරත් ෆොන්සේකා මහත්තයගේ පක්ෂයත් එක්ක අනියමින් ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකම මතයක හිටියේ. පළමුව රට කියන ස්ථාවරය තුළයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here