ලංගම බස් රථයක් අඩි තිහක් ප‍්‍රපාතයට පෙරලෙයි- විසිදෙනෙකු රෝහලට

1

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ඩයගම හැටන් පෝඩයිස් මාර්ගයේ පෝඩයිස් එන්සි ප‍්‍රදේශයේදි අඩි තිහක් (30) පමණ ප‍්‍රපාතයට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් විසිදෙනෙකු පමණ දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (05.11) පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද සිටින අතර තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි දික්ඔය මුලික රෝලේ වෛද්‍යවරුන් පැවසුවේ.

අධික වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථ දෙකකට ඉඩ ලබා දිමට යෑෙමිදි බෑවුමක් සහිත ප‍්‍රදේශයේදි බස් රථයේ තිරිංග කි‍්‍රයාවිරහිත විමෙන් බස් රථය පෙරලි ගිය බවයි රියදුරා පවසන්නේ. මෙම බස් රථය හැටන් ඩිපෝවට අයත් බස් රථයක් බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here